Claude Fable 5 ලීක් වෙලාද..?

Mic
By Mic

මචං මම මේ ඊයේ වැඩියෙන් දැක්ක දෙයක් තමයි, බුකියේ, TG, Discord වල Anthropic සමාගමේ අර තහනම් කරපු Fable 5 සහ Mythos 5 AI Models දෙක The Pirate Bay වගේ Torrent Sites වලට ලීක් වෙලා කියන කතාව…🤌🏻

අඩෝ ට්‍රැක් පන්නගන්නෙපා ඔව්වා Share කරලා ලින්ක් ඉල්ලලා..!

වැඩේ කියන්නේ ඒ Share වෙන ෆොටෝ වලත් තියෙනවා 3.4 TB සහ 48 GB File Sizes වලින් මේවා Download වෙන්න දාලා තියෙන හැටි…🤌🏻 ඇත්තටම මේක ලීක් වෙලා නැහැ! මේක තඩි Scam එකක් හරි Malware එකක් හරි..!

මේක ගැන හොය හොයා ඉන්නකොට මෙන්න එනවා ලංකාවේ gov sites Hacking series එකේ අලුත්ම episode එකක්…!

උදේ නැගිටලා වෙනදා එන Train එක පරක්කුයි කියලා කලබල වෙන්නෙපා…! ඇයි ඒ? අන්න Sri Lanka Railway එක හැක් වෙලාලු…🤌🏻

Train එකේම ගමන් බිමන් යන අයට පොඩි Update එකක් දෙන්න වෙයි..! නැත්නම් උදේ වැඩට ඇවිත් ඉවරයි වගේම හවසට ගෙවල් වලට ගිහිනුත් ඉවරයි…!

මේකේ කියන විදිහට මේ Attack එක වෙලා තියෙන්නේ Digital Train Schedule එහෙම නැත්නම් Timetable එකට විතරයි..! තාම සයිට් එක නම් වැඩ.. එක සයිට් එකක් නම් දැන් down කරලා වගෙ.. 🤌🏻

තාම මේකේ RCA එකක් ඇවිත් නැහැ… මේක Patch කරනවා කියලා තමයි කියන්නේ.. මට නම් හිතෙන්නේ මේ වගේ දෙයක් ලංකාවේම බුවෙක් කරපු වැඩක් කියලා… 🤌🏻

හා නැද්ද..? වෙන්න පුලුවන්..! හිතපන් සයිට් එකක් හැක් කරන්න ඕනේ එකෙක් මේ Timetable එකක් විතරක් හැක් කරන්නේ ඇයි..? සමහර විට මේකේ Impact එක ලොකු එකක්… !

මොකද Train Transportation එකම අවුල් වෙනවනේ. හිතනවට වඩා දෙයක් තියෙනවා එකෙත්. ! Foreigners ල එහෙම් අසරණයි ඉතින්..!

ලෝකේ මේ වෙනකොට ට්‍රිලියනපතියෝ එනකොට, අපිට ලංකාවේ රජයේ සයිට් ටික බේරගන්න ගේමක් දෙන්න වෙලා තියෙන්නේ…!

මම නම් කියන්නෙ කව්රුම හරි මැදිහත් වෙලා ලංකාවෙ ඉන්න top security , developers ලා ටිකක් set කරගෙන ආයේ මේ gov sectors වල සේරම site section review කරලා patch කරන්න ඕනේ..! වැඩේ අමාරු උනත් කරන එක වටිනවා..!

කියන්න ආව කතාවත් අමතක වුණානේ..🤌🏻!

මේක බොරුවක් වෙන්නේ ඇයි කියලා කිව්වොත්, උඹලා හිතනවද මේවා Local PC වල ලේසියෙන් Run කරන්න පුළුවන් දේවල් කියලා..?

මේ Fable 5 සහ Mythos 5 කියන්නේ ට්‍රිලියන ගණනක Parameters තියෙන දැවැන්ත Models දෙකක්…!

මේවා Run වෙන්නේ Cloud Data Centers ඇතුළේ තියෙන Supercomputer Networks හරහා.. ඉතින් ඔය කියන විදිහට 48GB කින් හරි 3.4TB කින් හරි බාගෙන ගෙදර තියෙන PC එකේ Ollama වගෙ Local model එකකින් මේවා Run කරන්න කිසිම විදිහක් තියෙනවද..?

අනික Anthropic කියන්නේ Closed Source සමාගමක්.. ඒ නිසා මේ වගේ දේවල් ඩවුන්ලෝඩ් කරන්න යන්න එපා… එතන තියෙන්නේ වෙන මොකක්වත් නෙමෙයි, සුපිරිම Ransomware එකක් හරි Info Stealer Malware එකක් හරි තමයි..🤌🏻

අන්තිමට සුපිරි AI එකක් ෆ්‍රී ටෙස්ට් කරන්න ගිහින් PC එකේ තියෙන ඔක්කොම ෆයිල් ටික Encrypt කරගෙන අඬන්න තමයි වෙන්නේ..🤌🏻

මේක ටෙස්ට් කරලාවත් බලන්න එහෙම ලින්ක් එකක් මට නම් හම්බුණේ නැහැ. නැත්නම් බලන්න තිබ්බා හරියටම මොකක්ද කියලා…

මේ වගේ දේවල් වලට Cybersecurity Field එකේ කියන්නේ Malware Analysis එහෙම නැත්නම් Ransomware Analysis කියලා…!

මේවා කරන්න දැන් Linux ම ඕනෙත් නෑ.! සාමාන්‍ය කෙනෙකුට සැක හිතෙන ෆයිල් එකක් හරි ලින්ක් එකක් හරි ආවොත්, virustotal com වෙබ් සයිට් එකට දාලා ස්කෑන් කරලා බලන්න පුළුවන්… ඒක සාමන්‍ය හොඳයි..!

CS Degree එකක් කරාට හැමදාම කැම්පස් එකේ උගන්වන CIA Triad එකෙන් පොඩ්ඩක් මිදිලා, තමන්ගේම කියලා Lab එකක් හදාගෙන මේ වගේ Malware එකක් දෙකක් බාලා Reverse Engineer පාරක් දාලා Practical Analysis එකක් කරනකොට තමයි මරු..!

එහෙම practically ඔයාට ඕනේ නම් Kali linux වල built-in මේවා Analyze කරන්න ප්‍රධාන වශයෙන් පාවිච්චි කරන Tools දෙකක් තමයි Ghidra සහ IDA Pro කියන්නේ. use කරලා බලන්න..!

Cyber security වලට enter වෙන්න ඉන්න අය ට්‍රයි කරලා බලපල්ලා. මේ පැත්තේ Skills හදාගන්නවා කියන්නේ industry එකේ පට්ටම Demand එකක් තියෙනවා..

Safe Online 🤍!

උපුටා ගැනීම : Dilsara Sandun

Share This Article