BYD ලා Formula 1 වලට එන්න හදන කතාව ගැන Formula E එක මොකද කියන්නේ?

Mic
By Mic

චීන EV දැවැන්තයා වෙන BYD, ලෝකේ ජනප්‍රියම motor racing event එක වෙන Formula 1 (F1) වලට එන්න යන කතාව දැන් සෑහෙන්න දුරදිග ගිහින්.

මුලින්ම ගොඩක් අය හිතුවේ BYD ලා electric vehicle company එකක් නිසා, එයාලා කෙළින්ම all-electric racing series එකක් වෙන Formula E එකට එකතු වෙයි කියලා. මේ අවුරුද්දේ මුල Mexico City E-Prix එකේදී එයාලා තමන්ගේම suite එකක් book කරලා, ලොකු presence එකක් පෙන්නලා තිබුණා.

🤝 Monaco වලදී වුණ විශේෂ හමුවීම්

හැබැයි දැන් පේන විදිහට එයාලගේ ඇස ගැටිලා තියෙන්නේ F1 වලට. පහුගිය Monaco Grand Prix එක අස්සේ BYD Vice President Stella Li, F1 CEO Stefano Domenicali ව මුණගැහිලා විශේෂ සාකච්ඡා කරලා තියෙනවා. ඊට පස්සේ දවසේ FIA President Mohammed Ben Sulayem වත් මුණගැහිලා. මේ Ben Sulayem තමයි චීන brand එකක් F1 එකට ගේන්න ඕන කියලා කලින් ඉඳන්ම කියන ලොක්කා.

ඒ විතරක් නෙවෙයි, කලින් Red Bull team boss වෙලා හිටපු Christian Horner එක්කත් Stella Li සාකච්ඡා කරලා තියෙනවා (ඒ Cannes Film Festival එකේදී). Horner දැන් Red Bull එකෙන් අයින් වෙලා, අලුත් motorsport project එකක් හොයාගෙන ඉන්න නිසා මේ link එක interesting. මේක ඇත්තටම ලොකු පෙරළියක ආරම්භයක් වෙන්න පුළුවන්.

🤷‍♂️ Formula E එක මේ ගැන කලබල වෙලාද?

මේ ගැන Formula E CEO Jeff Dodds ගෙන් ඇහුවාම ඔහු දුන්නේ හරිම relaxed උත්තරයක්. “මගේ පාලනයේ නැති දේවල් ගැන මම කවදාවත් කලබල වෙන්නේ නෑ” කියලයි ඔහු කියන්නේ.

ඒ වගේම ඔහු තවත් interesting point එකක් මතු කරනවා. BYD ලා ඇත්තටම motorsport වලට commit කරලා F1 වලට යනවා නම්, ඒ එක්කම Formula E එකටත් එකතු වෙන එක තමයි වඩාත්ම logical දේ කියලයි ඔහු පෙන්වා දෙන්නේ එතකොට එයාලට සම්පූර්ණ all-electric programme එකකුත් maintain කරන්න පුළුවන් වෙනවා.

හැබැයි Dodds මතක් කරනවා, BYD විතරක් නෙවෙයි Xiaomi, Geely වගේ වෙනත් චීන දැවැන්තයෝත් Formula E එකට ගේන්න පුළුවන් කියලා. ඒකෙන් පේනවා එයා එක brand එකක් වෙනුවෙන් desperate නෑ කියලා.

මේක ලොකු කතාවක්

ලෝකේ ලොකුම EV බ්‍රෑන්ඩ් එකක් F1 වගේ දැවැන්ත stage එකකට එනවා කියන්නේ නිකන්ම racing team එකක් එනවා වගේ නෙවෙයි ඒක මුළු industry එකටම ලොකු බලපෑමක් කරන දෙයක්. හැබැයි F1 වලට ඇතුල් වෙන එක හිතන තරම් ලේසි කෙටි ගමනක් නෙවෙයි කියලත් Dodds මතක් කරනවා. (අලුත් 12වැනි team එකක් විදිහට එනවා නම් විතරක් £370 million විතර වියදම් වෙනවා කියලයි reports කියන්නේ.)

බ්‍රෑන්ඩ් එකක් විදිහට BYD ලාට F1 වගේ ලොකු platform එකක සාර්ථක වෙන්න පුළුවන් වෙයි කියලා ඔයා හිතනවාද? 👇

උපුටා ගැනීම : Roarion

Share This Article