Call of Duty,

Mic
By Mic

ප්ලේයර්ස්ලට මෙතෙක් කල් තිබුණු ලොකුම ප්‍රශ්නයක් තමයි Multiplayer Maps වල layout එක කටපාඩම් කරගෙන, Enemy එන්නේ කොතනින්ද කියලා කලින්ම guessing කරන්න පුළුවන් වෙන එක.. නමුත් ඒ traditional map knowledge එක සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න Infinity Ward සමාගම සූදානම් වෙනවා.. ඔවුන් මෙය හඳුන්වන්නේ “Kill Block” ලෙසයි…

2026 ඔක්තෝබර් මාසයේ නිකුත් වීමට නියමිත Call of Duty: Modern Warfare 4 එකේ අඩංගු වෙන මේ Kill Block කියන්නේ සාමාන්‍ය static map එකක් නොවේ.. එය හැම තරඟයකටම පෙර තමන්ගේ layout එක ස්වයංක්‍රීයව වෙනස් කරගන්නා, කවදාවත් පාඩම් කරන්න බැරි Dynamic Modular Map එකක්..

මේ map එක නිර්මාණය වෙලා තිබෙන්නේ West Bridge Advanced Military Training Facility කියන හමුදා පුහුණු සංකීර්ණය තේමා කරගෙනයි. විශාල කොන්ක්‍රීට් ටවර්, මෝටර්, pulley පද්ධති සහ රේල් මඟින් පාලනය වන “Slabs” ලෙස හඳුන්වන විශාල modular කොටස් එකිනෙකට සම්බන්ධ කරමින් මේ සිතියම සකස් වෙන්නේ..

සෑම Kill Block තරඟයකදීම ක්‍රීඩකයින් spawn වන End Slabs දෙකක් සහ ප්‍රධාන සටන් කලාපය වන Central Slab එකක් ලෙස ප්‍රධාන කොටස් තුනක් එකතු වෙනවා.. මේවා එකතු වූ විට Modern Warfare (2019) හි පැවති සුප්‍රකට Shoot House map එකේ ප්‍රමාණයට සමාන rectangular combat arena එකක් නිර්මාණය වෙනවා.. ලෝන්ච් එකේදීම මේ හරහා වෙනස් configurations 500කට වැඩි ප්‍රමාණයක් ක්‍රීඩකයින්ට අත්විඳින්න හැකියාව ලැබෙනවා..

Match එක අවසන් වූ වහාම හෝ Gunfight rounds අතරතුරදී මේ Slabs එකිනෙකින් වෙන් වී පොළොව යටට ගිලෙන අතර, අලුත් Slabs එකතු වෙනවා. මෙහි විශේෂම දෙය තමයි සමහර Slabs අලුත් urban blocks, shipping containers සහ trenches වලින් සමන්විත වන අතර, තවත් සමහර ඒවා වලට Crash, Shoot House, Killhouse, Highrise, Storage Town සහ Ambush වැනි classic COD maps වල ආකෘති re-imagined කර ඇතුළත් කර තිබීමයි..

ඊට අමතරව, වැස්ස සහ හිම පතනය වැනි Weather Simulations පවා සක්‍රීය වන නිසා visibility එක සහ ආයුධවල appearance සහ performance එකත් වෙනස් වෙනවා..

Kill Block ප්‍රථමයෙන්ම 3v3 Gunfight සහ නව 10v10 Gunfight modes සඳහා එළිදක්වයි.. ඉදිරියේදී 6v6 core modes සඳහාත් support එක එකතු වීමට නියමිතයි.. මෙහිදී දිනුම් ලබා ගැනීමට muscle memory එකට වඩා අවශ්‍ය වන්නේ instant adaptation, quick decision making සහ map awareness එකයි..

බිත්තිවල ඇති A/B සහ C/D sector markers භාවිතයෙන් ඉක්මනින් orientation එක හදාගැනීමටත්, සම්පූර්ණ Combo එක මතක තබාගන්නවාට වඩා තනි තනි Slabs පිළිබඳව හොඳින් අධ්‍යයනය කිරීමටත් ක්‍රීඩකයින්ට සිදුවෙනවා..

CoD Multiplayer ඉතිහාසයේ ලොකුම වෙනසක් අරන් එන Call of Duty: Modern Warfare 4 නිකුත් වෙන්නේ 2026 ඔක්තෝබර් 23 වනදායි..

උපුටා ගැනීම : Dinith Maleesha

Share This Article