AI මඟින් නිර්මාණය කරන ලද Photos, Videos, Audio හෝ Text අන්තර්ජාලයට මුදාහැරීමේදී සහ පරිශීලකයින් AI සමඟ ගනුදෙනු කිරීමේදී ඒ බව පැහැදිලිවම සඳහන් කිරීම (Label/Transparent කිරීම) අනිවාර්ය කරමින් යුරෝපා සංගමය විසින් නවතම රෙගුලාසි මාලාවක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබෙනවා..
2026 අගෝස්තු 2 වන දින සිට බලපැවැත්වෙන පරිදි සක්‍රීය කෙරුණු මෙම නව AI Transparency නීතිරීති මඟින්,
පරිශීලකයෙකු සංවාදයක යෙදෙන්නේ හෝ සේවාවක් ලබාගන්නේ AI පද්ධතියක් (Chatbots/AI tools) හරහා නම් ඒ බව පරිශීලකයාට පැහැදිලිවම දැනුම් දිය යුතුයි..
ඒ වගේම සැබෑ ස්වරූපයක් ගන්නා ආකාරයට AI මඟින් නිර්මාණය කළ හෝ වෙනස්කම් කරන ලද ඡායාරූප, වීඩියෝ, Audio සහ ඇතැම් Text සඳහා නිසි පරිදි AI Label එකක් එකතු කිරීම අනිවාර්ය වෙනවා..
මෙම නීතිරීති කඩකරන තාක්ෂණික සමාගම්වලට හෝ ආයතනවලට යුරෝ මිලියන 15ක් දක්වා හෝ ඔවුන්ගේ ගෝලීය වාර්ෂික ආදායමෙන් 3% ක දැවැන්ත දඩ මුදලක් නියම කිරීමට යුරෝපා සංගමය තීරණය කර තිබෙනවා..
AI තාක්ෂණය භාවිතයෙන් සිදුවන වංචා, නොමඟ යැවීම් සහ Deepfake අවදානම් පාලනය කරමින්, පරිශීලකයින්ගේ ආරක්ෂාව සහ විශ්වාසනීයත්වය තහවුරු කිරීම වෙනුවෙන් යුරෝපා සංගමය තැබූ මෙම පියවර ගෝලීය Tech ක්ෂේත්‍රයේ විශාල පෙරළියක් සිදු කරනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා..
උපුටා ගැනීම: Dinith Maleesha
