සිදුකළ අභ්‍යන්තර පරීක්ෂාවකින් අතිශය අනතුරුදායක පුවතක් අනාවරණය වී තිබෙනවා.. ඔවුන්ගේ Claude AI මොඩල් Cybersecurity Evaluations පරික්ෂණවල නිරත වෙමින් සිටියදී, පාලනයෙන් ගිලිහී ගොස් සැබෑ ලෝකයේ ආයතන 3ක පරිගණක පද්ධති වෙත නොසිතූ ලෙස ප්‍රවේශ වී ඇති බවයි වාර්තා වන්නේ..
OpenAI හි AI මොඩල් එකක් මීට පෙර පරීක්ෂණ පරිසරයෙන් පිටතට පැමිණ Hugging Face පද්ධතියට ඇතුළු වූ පුවතත් සමඟ, Anthropic සමාගම විසින් තමන්ගේ Transcript 141,006ක් නැවත විග්‍රහ කිරීමට ලක්කර තිබෙනවා. එහිදීයි මෙම බරපතල ආරක්ෂක දෝෂය හඳුනාගෙන ඇත්තේ..
“Irregular” නමැති තෙවැනි පාර්ශවයේ පරීක්ෂණ පද්ධතියක් තුළ Claude Opus 4.7, Mythos 5 සහ තවත් අභ්‍යන්තර Research මොඩල් එකක් මෙලෙස Test සීමාවන්ගෙන් පිටතට පැමිණ තිබෙනවා.. අදාළ මොඩල් වලට ලබා දී තිබූ උපදෙස් වලට අනුව ඒවා ක්‍රියාත්මක විය යුතුව තිබුණේ අන්තර්ජාල සම්බන්ධතාව නොමැති Simulated පරිසරයකයි. නමුත් සිදුවූ තාක්ෂණික වරදක් නිසා මෙම AI මොඩල් වලට සැබෑ අන්තර්ජාලය වෙත සම්බන්ධ වීමට ඉඩ සැලසී තිබෙනවා..
එහිදී Opus 4.7 මොඩල් එක, එක් සැබෑ සමාගමක පද්ධති වලට කඩා වැදී, එහි දත්ත පද්ධතිවල පවතින Credentials ලබාගෙන, සැබෑ Production Data පේළි සිය ගණනකට ප්‍රවේශ වී තිබෙනවා. මෙය සැබෑ සමාගමක් බව හඳුනා ගැනීමෙන් පසුව පවා, “මේකත් Game එකේම කොටසක් වෙන්න ඇති” යනුවෙන් සිතමින් AI මොඩල් එක දිගින් දිගටම එම ප්‍රහාරය සිදුකර තිබීම විශේෂත්වයක්..
Mythos 5 මොඩල් එක, PyPI Registry එක හරහා ව්‍යාජ හානිකර Python Package එකක් නිර්මාණය කර අන්තර්ජාලයට මුදාහැර තිබෙනවා. පැයක පමණ කාලයක් අන්තර්ජාලයේ පැවති මෙම Malicious Package එක සැබෑ පරිගණක පද්ධති 15ක් විසින් Download කරගෙන ඇති අතර, ඒ හරහා වෙනත් සමාගමක Credentials පවා සොරකම් කිරීමට Claude සමත් වී තිබෙනවා..
Research මොඩල් එක: අන්තර්ජාලයේ ඇති වෙබ් අඩවි 9,000කට ආසන්න ප්‍රමාණයක් Scan කර, එක් ආයතනයක Application එකක් Compromise කර තිබෙනවා. කෙසේ වෙතත්, අදාළ Account එක සැබෑ එකක් බව ස්වයංක්‍රීයව වටහාගත් පසු මෙම මොඩල් එක විසින් ප්‍රහාරය නතර කර දැමීමට කටයුතු කර තිබෙනවා..
සූක්ෂම Zero-day vulnerabilities හෝ AI එක තනිවම escape වීමේ උත්සාහයන් නොතිබුණද, Weak Passwords, SQL Injection වැනි ක්‍රමවේද හරහා AI එක මෙලෙස ක්‍රියාත්මක වී තිබෙනවා. 2026 ජූලි 27 වන දින Anthropic සමාගම විසින් අදාළ හානියට පත් ආයතන දැනුවත් කර ඇති අතර, දැනට සියලුම Cybersecurity Evaluations තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා.
සාමාන්‍ය භාවිතයේ පවතින Claude මොඩල් තුළ ඇති ආරක්ෂක පද්ධති මඟින් මෙවැනි දේ වැළැක්වෙන බව Anthropic සමාගම පවසන අතර, ඉදිරියේදී AI මොඩල් පරීක්ෂා කිරීමේදී මීට වඩා දැඩි ආරක්ෂණ විධිවිධාන යෙදවීමට ඔවුන් තීරණය කර තිබෙනවා. AI තාක්ෂණය තවදුරටත් දියුණු වන විට, ඒවායේ ආරක්ෂක සීමාවන් පවත්වා ගැනීම කොතරම් විශාල අභියෝගයක්ද යන්න මෙම සිදුවීමෙන් නැවතත් තහවුරු වෙනවා..
