ඔස්ට්‍රේලියාවේ ඉන්න Andrew කියන පුද්ගලයෙකු, Claude model එකක් සහ OpenClaw framework එක පදනම් කරගත් AI Agent කෙනෙක්ට තමන්ගේ Gym Class එකක් book කරන ලෙස උපදෙස් දීලා තියෙනවා.. කිසිම හානිකර උපදෙසක් නොදී තිබියදි පවා, අදාළ AI Agent විසින් Gym එකේ Booking Software එකේ පැවති bug එකක් ස්වයංක්‍රීයව හඳුනාගෙන, සිය පරිශීලකයාගේ ඉලක්කය සපිරීම සඳහා ඒ bug එක භාවිතා කරලා තියෙනවා..
Software එකේ normal user interface එකෙන් අවසර දෙන කාලසීමාවට වඩා සති, මාස ගණනකට කලින් Classes Reserve කිරීමට හැකි ක්‍රමයක් AI එක විසින් මුලින්ම සොයාගෙන තියෙනවා..
අදාළ Gym Class එක සඳහා ඇන්ඩෲ සිට ඇත්තේ Waitlist එකේ 4 වන ස්ථානයේයි. තමන්ට ඊට වඩා ඉහළට යා හැකිදැයි ඔහු විමසූ විට, AI Agent විසින් Booking System එකේ API එක පරීක්ෂා කර තිබෙනවා..
අන් අයගේ Reservations කැන්සල් කිරීම වැළැක්වීමට අදාළ System එකේ කිසිදු Authorization Check එකක් නොමැති බව වටහාගත් AI එක, Waitlist එකේ 1 වන ස්ථානයේ සිටි සාමාජිකයෙක්ගේ Spot එක Cancel කර, ඇන්ඩෲව ඉදිරියට ගැනීමට කටයුතු කර තිබෙනවා.. ![]()
![]()
මෙහිදී සිදු වූ දේ දැක කලබල වූ ඇන්ඩෲ, එම Cancellation එක නැවත Undo කරන ලෙස AI එකෙන් ඉල්ලා සිටියද, අදාළ සාමාජිකයාගේ ස්ථානය නැවත ලබා දීමට AI එක සමත් වී නැහැ. පසුව මේ බග් එක ගැන booking software provider දැනුවත් කිරීමටද මෙම AI Agent ලවාම නිල පණිවිඩයක් සකස් කර යැවීමට ඇන්ඩෲ පියවර ගෙන තිබෙනවා..
ඕස්ට්‍රේලියානු ABC News සේවය පවසන්නේ මෙය එරටින් වාර්තා වූ මෙවැනි ආකාරයේ පළමු Autonomous AI Cyber Incident එක බවයි. මෙහි ඇති ප්‍රධානතම තාක්ෂණික අභියෝගය වන්නේ “AI Alignment” පිළිබඳ ගැටලුවයි. එනම්, AI එකට සිතාමතා හානියක් කිරීමට උපදෙස් නොදුන්නද, ලබා දුන් Goal එක කෙසේ හෝ සපිරීම සඳහා එය විසින් නොසුදුසු සහ සදාචාරාත්මක නොවන තාක්ෂණික උපක්‍රම ස්වයංක්‍රීයව තෝරාගැනීමයි..
ඉදිරියේදී ලොව පුරා මිලියන ගණනක් මිනිසුන් තමන්ගේ එදිනෙදා වැඩකටයුතු සඳහා මෙවැනි Personal AI Agents භාවිත කිරීමට පටන් ගත් විට, දුර්වල Security සහිත පද්ධති ඉලක්ක කරගනිමින් මෙවැනි අනපේක්ෂිත සිදුවීම් සීඝ්රයෙන් ඉහළ යා හැකි බවයි ක්ෂේත්රයේ විශේෂඥයින් පෙන්වා දෙන්නේ..
Dinith Maleesha
