YouTube ප්ලැට්ෆෝම් එක තුළ,

Mic
By Mic

Views ගණනය කෙරෙන ආකාරය සම්පූර්ණයෙන්ම වෙනස් කරමින්, Content Creatorsලා වෙනුවෙන් අතිශය වාසිදායක නව ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට TeamYouTube පියවර ගෙන තිබෙනවා.. 2026 අගෝස්තු 24 වන දින සිට බලපැවැත්වෙන පරිදි, කිසිදු අවම Watch Time සීමාවකින් තොරව වීඩියෝවක් Play වීමට පටන් ගත් පළමු Frame එකේ සිටම එය View එකක් ලෙස සටහන් වන බවයි ඔවුන් නිවේදනය කරන්නේ..

Long-form වීඩියෝ, YouTube Shorts සහ Live Streams යන සියලුම Formats සඳහා මෙම පොදු නීතිය එක හා සමානව අදාළ වෙනවා..

මෙතෙක් කල් විවිධ Video Formats සඳහා පැවති වෙනස් View Counting ක්‍රමවේද නිසා Creatorsලාට තමන්ගේ සැබෑ Reach එක මැන ගැනීමටත්, Brands සහ Sponsorsලාට නිවැරදි දත්ත ඉදිරිපත් කිරීමටත් විශාල අපහසුතාවයකට මුහුණ දීමට සිදුවුණා…

YouTube පවසන්නේ Creatorsලාගේ සැබෑ Exposure එක පිළිබිඹු කරමින්, Brand ගනුදෙනු සහ Sponsorships සාකච්ඡා පහසු කිරීම මෙම වෙනසේ ප්‍රධාන අරමුණ බවයි.. ඒ අනුව අගෝස්තු 24 සිට Channels සහ Videos වල ප්‍රදර්ශනය වන Public View Count එක පෙරට වඩා වේගයෙන් ඉහළ යනු ඇත..

කෙසේ වෙතත් Creatorsලාගේ ඉපැයීම් තවදුරටත් තීරණය වන්නේ “Engaged Shorts views” සහ “Engaged Watch Hours” මත පමණි.. එම නිසා Monetization සඳහා මෙයින් බලපෑමක් නැහැ..

YouTube Partner Program සඳහා ඇතුළත් වීමේ මූලික නිර්ණායක වෙනස් නොවන අතර, එම නියමයන් “Qualified Shorts views” සහ “Qualified watch hours” ලෙස පමණක් නම් වෙනස් වේ..

මුල් තත්පර කිහිපයෙන් ඔබ්බට ප්‍රේක්ෂකයින් වීඩියෝව නැරඹුවේද යන්න දැනගැනීමට අවශ්‍ය “Engaged views” දත්ත YouTube Studio (Advanced Mode) හරහා Creatorsලාට දිගටම බලාගන්න පුලුවන්..

උපුටා ගැනීම : Dinith Maleesha

Share This Article