Space Technology ලෝකයෙන් මෙන්න සුපිරිම ආරංචියක් ඇවිත් තියෙනවා. චීනයේ LandSpace සමාගම හදපු Zhuque-3 Y2 කියන Reusable Rocket එක ගොඩබිමට සාර්ථකව Land කරලා ඓතිහාසික ජයග්රහණයක් ලබාගන්න සමත් වෙලා තියෙනවා.
මේක චීනයේ පළමු Land-based Rocket First Stage Recovery එක විදිහට තමයි සටහන් වෙන්නේ. මීට කලින් Sea Recovery සාර්ථක කරගත්ත චීනය, දැන් Land Recovery වලටත් සාර්ථකව පියවර තියලා තියෙනවා.
මේ අලුත් Breakthrough එක නිසා ඉදිරියේදී Space Launches වල Cost එක විශාල වශයෙන් අඩු කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම Reusable Rockets තාක්ෂණයෙන් ලෝකයේ අනිත් Space Companies වලටත් ලොකු තරගයක් දෙන්න මේකෙන් චීනයට අවස්ථාව ලැබෙනවා.
චීනයේ මේ අලුත් Space Tech දියුණුව ගැන සහ Reusable Rockets වල අනාගතය ගැන ඔයා මොකද හිතන්නේ? පහළින් Comment කරන්න.
උපුටා ගැනීම : Shalinda Jayasinghe
