ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් සහ වට්ස්ඇප් usersලා මෙන්ම AI තාක්ෂණයට ලැදි නිර්මාණකරුවන් සහ ව්‍යාපාර ඉලක්ක කරගනිමින්, Meta සමාගම විසින් “Meta One” නමැති නවතම Subscription සේවාව නිල වශයෙන් හඳුන්වා දී තිබෙනවා..
මෙම app වල Core experiences සහ සාමාන්‍ය Meta AI පහසුකම් ලොව පුරා බිලියන සංඛ්‍යාත පරිශීලකයින්ට සුපුරුදු පරිදි නොමිලේම පවතිද්දී, අමතර විශේෂාංග සහ Higher AI limits අවශ්‍ය අය වෙනුවෙන් මෙම නව ක්‍රමවේදය ක්‍රියාත්මක වන බවයි Meta සමාගම පවසන්නේ…
පරීක්ෂණ මට්ටමේදීම මිලියන 15කට අධික පරිශීලකයින් සහ trials ප්‍රමාණයක් ආකර්ෂණය කරගත් මෙම සේවාව යටතේ මේ වන විටත් නව Features 50කට වැඩි ප්‍රමාණයක් ඇතුළත් කර ඇති අතර, ඉදිරියේදී Edits සහ AI Glasses සඳහාද තවත් පහසුකම් එක් කිරීමට නියමිතයි..
එදිනෙදා සාමාන්‍ය පරිශීලකයින් වෙනුවෙන් තනි තනිව ලබාගත හැකි Single-product plans ලෙස මසකට ඩොලර් $3.99කට Instagram Plus සහ Facebook Plus ද, මසකට ඩොලර් $2.99කට WhatsApp Plus ද මෙහිදී හඳුන්වා දී තිබෙනවා.
Custom app icons, story previews සහ exclusive messaging පහසුකම් සහිත මෙම සේවාවන් සියල්ල එකට එක්කර නිර්මාණය කළ “Core” සැලසුම මසකට ඩොලර් $7.99ක් වන අතර, එයට උසස් AI මොඩල් මඟින් Images සහ Videos සෑදීමට සහ Edit කිරීමට ඉහළ මාසික AI සීමාවක්ද හිමිවෙනවා..
එසේම උපරිම AI නිර්මාණශීලී නිදහසක් බලාපොරොත්තු වන අය වෙනුවෙන් මසකට ඩොලර් $19.99කට “Premium” සැලසුමද හඳුන්වා දී තිබෙනවා..
Creatorsලා සහ ව්‍යාපාරික ආයතන සඳහා වන Plans මසකට ඩොලර් $14.99ක් වන “Essential” සැලසුමෙන් ආරම්භ වන අතර, ඊට Verified badge එකක්, Impersonation protection, Plus app ප්‍රතිලාභ මෙන්ම ස්වයංක්‍රීය පාරිභෝගික සබඳතා සඳහා Meta Business Agent හි ඉහළ AI සහයක් ඇතුළත් වෙනවා.
මීට අමතරව Advanced, Expert, සහ Max වැනි ඉහළ තලයේ සැලසුම් (මසකට $49.99 සිට $499 දක්වා) හරහා Posts සහ Reels තුළ Clickable links දැමීම, Scheduled publishing, Improved search visibility, කණ්ඩායම් සඳහා Shared account access, ගැඹුරු Analytics සහ විශේෂිත Human support වැනි වෘත්තීය මෙවලම් රැසක් හිමිවෙනවා..
මෙම සේවාව ලබාගැනීම අනිවාර්ය නොවන අතර, සාමාන්‍ය නොමිලේ ලැබෙන අත්දැකීමට මෙයින් කිසිදු බාධාවක් වන්නේ නැහැ. සහය දක්වන ජංගම දුරකථන යෙදුම් හරහා ඕනෑම වේලාවක අවලංගු කළ හැකි පරිදි ලබාගත හැකි මෙම Meta One සේවාව, බාහිර Apps මත යැපීම අවම කරමින් තමන්ගේ අනන්‍යතාවය සහ ව්‍යාපාරය එකම පද්ධතියක් තුළ පහසුවෙන් ගොඩනගා ගැනීමට ලැබුණු හොඳ අවස්ථාවක් ලෙස සැලකිය හැකියි!
Dinith Maleesha
