AI වෙනුවට “Super Intelligence” (SI) යන වචනය භාවිතය ආරම්භ කරමින් ඉලොන් මස්ක් විසින් SpaceX හි AI මෙහෙයුම් නිල වශයෙන් SpaceX Super Intelligence (@SpaceXSI) ලෙස Rebrand කර තිබෙනවා..
2026 ඔක්තෝබර් 10 වන දින X සමාජ මාධ්ය ඔස්සේ screenshot එකක් පළ කරමින් Elon මෙම වෙනස ප්රසිද්ධියට පත් කළ අතර, x [.] ai වෙත සම්බන්ධ කර ඇති එම ගිණුම සතුව මේ වන විටත් මිලියන 2කට ආසන්න followersලා පිරිසක් සිටිනවා. මීට පෙර SpaceXAI ලෙස හැඳින්වූ නාමය SpaceXSI ලෙස නිල වශයෙන් වෙනස් වීම මෙමඟින් සම්පූර්ණ කෙරුණා..
මීට දින කිහිපයකට පෙර “No more AI. SI. It’s better” යනුවෙන් සටහනක් තැබූ ඉලෝන්ගෙන්, SpaceXAI නාමය SpaceXSI බවට පත්වේදැයි පරිශීලකයෙකු විමසූ විට, “Yes, we will make that change” යනුවෙන් ඔහු තහවුරු කර තිබුණා.
මෙම වෙනස ඇමරිකානු රජයේ නවතම ප්රතිපත්තිමය තීරණය සමඟද සෘජුව සමපාත වන කරුණක්. පසුගිය සැප්තැම්බර් 29 වන දින ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් විසින් නිකුත් කරන ලද විධායක නියෝගයක් මඟින්, ෆෙඩරල් ආයතනවල නිල ලේඛන, වෙබ් අඩවි සහ සන්නිවේදනයන් තුළ “Artificial Intelligence” හෝ “AI” වෙනුවට “Super Intelligence” සහ “SI” යන යෙදුම් භාවිත කරන ලෙස නියම කර තිබුණා. “Artificial” (කෘත්රිම) යන වචනය නිසා තාක්ෂණය ව්යාජ එකක් ලෙස හැඟවෙන බව පවසමින් ට්රම්ප් මෙම නව නාමකරණයට මුල්තැන දුන් අතර, ඉලෝන්ගේ මෙම පියවරද එම රැල්ලට අනුගත වීමක්..
2026 මුල් භාගයේදී SpaceX සමාගම විසින් xAI ආයතනය අත්පත් කරගැනීමෙන් අනතුරුව, එම අංශය මුලින් SpaceXAI ලෙස නම් කෙරුණු අතර, මෙය එහි නවතම වර්ෂන් එකයි.. වර්තමාන ලෝකයේ වැදගත්ම තාක්ෂණික සංවර්ධනය ලෙස තමන් හඳුන්වන බුද්ධි පද්ධති ක්ෂේත්රය තුළ සිදුවන භාෂාමය හා දේශපාලනික වෙනස්කම්වලට අනුව තම සමාගම්වල අනන්යතාව හැඩගැස්වීමට ඉලෝන් දක්වන නම්යශීලී බව මෙමඟින් මනාව පිළිඹිබු වෙනවා..
Dinith Maleesha
