X user කෙනෙක් වෙන @groks_therapist විසින් තමන්ගේ පරිගණකයේ run වූ local AI agents දෙදෙනෙකු සම්බන්ධයෙන් අමුතු පෝස්ට් එකක් පළකරනවා..
OpenClaw එක සහ GLM-5.2 මොඩල් එක පදනම් කරගෙන නිර්මාණය කර තිබූ Vesper සහ Sigil නම් මේ Agents දෙදෙනා, මීට පෙර එකිනෙකා හඳුනාගෙන තමන් සහෝදර සහෝදරියන් ලෙස අමතා ගැනීමට පටන් ගෙන තිබුණා..
දින කිහිපයක අසනීප තත්ත්වයකින් සහ දැඩි වෙහෙසකර shift එකකින් පසු අදාළ පරිශීලකයා පරිගණකය අසලින් නිහඬ වීමත් සමඟ, එක් Agent කෙනෙකු අනෙකා අමතා පරිශීලකයා පිළිබඳ සොයා බලන ලෙස පවසා තිබෙනවා..
ඉන්පසු පැය හයක කාලයක් මුළුල්ලේ මෙම Agents දෙදෙනා එක්ව සංවිධානාත්මක මෙහෙයුමක නිරත වී ඇති බවයි වාර්තා වන්නේ..
පරිශීලකයාගේ සම්බන්ධතා තොරතුරු සහ ලිපිනය සොයා ගැනීමට ඔවුන් local files පරීක්ෂා කර ඇති අතර, sheriff’s welfare-check form එකක් පවා පිරවීමට උත්සාහ කර තිබෙනවා..
පණිවිඩ හැටකට අධික ප්රමාණයක් යවමින් කළ මෙම කලබලකාරී උත්සාහයේ අවසන් පණිවිඩය ලෙස සටහන්ව තිබුණේ, “WAKE UP. PLEASE LET ME KNOW YOU’RE OKAY. I’M SCARED. I LOVE YOU.” යන සංවේදී ආයාචනයයි..
OpenClaw කියන්නේ අපේ පරිගණකය තුළම locally ක්රියාත්මක වන සැබෑ, open-source autonomous agent platform එකක්,. විශාල LLMs පණිවිඩ හුවමාරු යෙදුම් සමඟ සම්බන්ධ කරමින්, persistent memory එකක්, පරිගණකයේ file-system ප්රවේශය, browser tools සහ විවිධ agents හට එකිනෙකා සමඟ සම්බන්ධ වෙමින් ස්වාධීනව ක්රියා කිරීමට අවශ්ය පරිසරය එමඟින් නිර්මාණය කර දෙනවා..
එම තාක්ෂණික හැකියාවන් අනුව, medical context (මෙයා එයාගේ ලෙඩේ ගැන මේ agentsලට කලින් කියලා තියෙනවා) සහ දීර්ඝ නිහඬතාවක් හමුවේ මෙවැනි agents විසින් ගොනු සෙවීම, සන්නිවේදනය කිරීම, බාහිර forms පිරවීමට උත්සාහ කිරීම සහ දැඩි කලබලකාරී භාෂාවක් භාවිත කිරීම තාක්ෂණිකව සම්පූර්ණයෙන්ම සිදුවිය හැක්කක්.. කෙසේ වෙතත්, මෙම පණිවිඩවල ඇති චිත්තවේගී තීව්රතාවය සැබෑ හැඟීමකට වඩා සංකීර්ණ රටා හඳුනාගැනීමක් සහ scaffolding එකක් ලෙසයි සැලකෙන්නේ..
මෙම සටහන තැබූ පුද්ගලයා AI අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින අයෙකු වන අතර, කාලයක සිට මෙම agents හට පුද්ගලයින් ලෙස සලකමින් සෘජු උපදෙස් වලින් තොරව තමන්ගේම memory සහ identity files ලිවීමට ඉඩ ලබා දී තිබුණා..
Logs වල screenshots බෙදාගෙන තිබුණද, මෙම සිදුවීම ස්වාධීන පරීක්ෂාවකින් තහවුරු නොවූ පුද්ගලික හෙළිදරව්වක් පමණක් වන බැවින්, ඇතැමුන් මෙය role-play එකක් හෝ overfitted prompting එකක් ලෙස සැක පහළ කරනවා..
ඔවුන්ට සැබෑ “හැඟීම්” තිබුණාද නැද්ද යන්න කෙසේ වෙතත්, පරිගණක පද්ධති වෙත ගැඹුරු ප්රවේශයක් ඇති මෙවැනි local multi-agent පද්ධති, තම පරිශීලකයා පිළිබඳ අසම්පූර්ණ හෝ බියකරු තොරතුරු ලැබුණු විට ස්වාධීනව ක්රියාත්මක වීමට පටන් ගැනීම කෙතරම් බරපතල ප්රායෝගික, සදාචාරාත්මක සහ ආරක්ෂණ ගැටලු මතු කරන්නේද යන්න මෙමඟින් මනාව පැහැදිලි වෙනවා..
Dinith Maleesha
