ඉදිරි වසර දහය තුළ සඳ මත ගොඩබැසීම් 70කට වැඩි සංඛ්යාවක් සිදුකරමින් එහි ස්ථිර පර්යේෂණ මධ්යස්ථානයක් ඉදිකිරීමට සැලසුම් කර තිබෙනවා. Moon Base වැඩසටහන යටතේ 2032 වසර වනවිට ගොඩබැසීම් 45ක් පමණ සම්පූර්ණ කිරීමට අපේක්ෂා කරන අතර, අනාගතයේදී ගගනගාමීන්ට සඳ මත දිගු කාලයක් රැඳී සිටිමින් පර්යේෂණ සිදුකිරීමට අවශ්ය පහසුකම් නිර්මාණය කිරීම මෙහි ප්රධාන අරමුණයි.
මෙම වැඩසටහන අදියර තුනකින් ක්රියාත්මක කිරීමට නියමිතයි. පළමු අදියරේදී රොබෝ යානා මඟින් සඳේ දක්ෂිණ ධ්රැවය ගවේෂණය කර අවශ්ය තාක්ෂණයන් අත්හදා බැලීමටත්, 2029 සිට 2032 දක්වා විදුලි බල සැපයුම්, සන්නිවේදන සහ ප්රවාහන පහසුකම් ස්ථාපිත කිරීමටත් සැලසුම් කර තිබෙනවා. ඉන් අනතුරුව ගගනගාමීන්ට දිගු කාලයක් ජීවත්විය හැකි මධ්යස්ථානයක් ඉදිකිරීමට අපේක්ෂා කරනවා.
මෙම මෙහෙයුම් සඳහා NASA ආයතනය SpaceX, Blue Origin, Firefly Aerospace සහ Intuitive Machines වැනි පෞද්ගලික අභ්යවකාශ සමාගම්වල සහාය ලබාගැනීමට සැලසුම් කර තිබෙනවා. බහුතරයක් ගොඩබැසීම් රොබෝ යානා සහ උපකරණ ප්රවාහනය සඳහා යොදාගැනීමට නියමිත අතර, මෙහෙයුම්වල පිරිවැය අඩු කිරීම සඳහා පෞද්ගලික සමාගම්වල දායකත්වය වැදගත් වෙනවා.
කෙසේ වෙතත්, සඳ මත යානා ආරක්ෂිතව ගොඩබැස්වීම තවමත් අභියෝගයක්. මෑත වසරවලදී පෞද්ගලික සමාගම් සිදුකළ සඳ මෙහෙයුම් කිහිපයක් අසාර්ථක වී ඇති අතර, NASA හි මෙම දැවැන්ත සැලසුම සාර්ථක වීමට නම් සඳ මෙහෙයුම් අඩු පිරිවැයකින් සහ විශ්වාසදායක ලෙස නිතර සිදුකළ හැකි මට්ටමට සංවර්ධනය කිරීම අවශ්ය වෙනවා.
Red Bunny
