පසුගිය දශකය පුරා අඛණ්ඩව වාර්තා කළ වර්ධන වේගය පළමු වරට මන්දගාමී වීම හේතුවෙන්, Canva ආයතනය සිය සමස්ත සේවක මණ්ඩලයෙන් 22%කට, ඒ කියන්නේ සේවකයින් 1,271 දෙනෙකුට සෘජුව බලපාන දැවැන්ත Restructuring ක්‍රියාවලියක් නිවේදනය කර තිබෙනවා..
2026 නොවැම්බර් 3-4 දෙදින තුළ කාර්ය මණ්ඩලය අමතමින් Canva එකේ Co-Founder and CEO Melanie Perkins සඳහන් කළේ, මෙය Canva හි වසර 13ක ඉතිහාසයේ මුහුණ දුන් “වඩාත්ම දුෂ්කර මොහොත” බවත්, මේ හේතුවෙන් පීඩාවට පත්වන සේවකයින් සහ ඔවුන්ගේ පවුල් වෙනුවෙන් තමන් දැඩි කනගාටුව පළ කරන බවත්ය..
මෙම අභ්‍යන්තර වෙනස්කම් යටතේ සමාගමේ Product, Growth සහ Platform කණ්ඩායම් ඒකාබද්ධ කිරීමටත්, අනවශ්‍ය කළමනාකරණ ස්ථර සරල කිරීමටත්, සිඩ්නි ප්‍රධාන මධ්‍යස්ථානය කේන්ද්‍ර කරගනිමින් මෙහෙයුම් කටයුතු එක්රැස් කිරීමටත් පියවර ගෙන තිබෙනවා..
මෙහිදී බලපෑමට ලක්වන සේවකයින් 1,271 දෙනාගෙන් නිශ්චිතව කොපමණ පිරිසක් සමාගම හැර යන්නේද නැතහොත් වෙනත් තනතුරු හෝ සේවා ස්ථාන වෙත මාරු කරන්නේද යන්න මෙතෙක් සම්පූර්ණයෙන් වෙන්කර දක්වා නොමැති වුවද, ආයතනයෙන් සමුගන්නා සේවකයින් වෙනුවෙන් Canva ලබාදීමට තීරණය කර ඇති Exit support package එක මේ වන විට මුළු තාක්ෂණික ක්ෂේත්රයේම ඉහළ ඇගයීමට ලක්ව තිබෙනවා..
සාමාන්‍යයෙන් බොහෝ ටෙක් සමාගම්වල දකින්නට ලැබෙන කෲර Layoffs සංස්කෘතියට හාත්පසින්ම වෙනස් වෙමින්, Canva ආයතනයෙන් ඉවත්වන සේවකයින්ට මේ වරප්‍රසාද ටික හම්බෙනවා..
– At least 6 months’ salary (including any statutory entitlements), regardless of location
– රැකියා සෙවීමේ කටයුතු පහසු කරනු පිණිස, ආයතනයෙන් ලබාදුන් MacBook හෝ ලැප්ටොප් පරිගණකය ආපසු භාර නොදී තමන් සන්තකයේම තබාගැනීමට ඉඩ සැලසීම..
– පසුගිය වසර තුළ ආයතනයට එක්වූ සේවකයින් වෙනුවෙන් නියමිතව තිබූ වසරක vesting cliff කොන්දේසිය ඉවත් කර, ඔවුන්ගේ කොටස් අයිතිය අහිමි නොවී ආරක්ෂා කර දීම.
– දැනට සෞඛ්‍ය පහසුකම් සපයන රටවල සේවකයින් වෙනුවෙන් මාස 12ක් දක්වා නොකඩවා Healthcare coverage පවත්වාගෙන යාම.
– සේවකයාට මෙන්ම ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ටද මානසික සුවතාව සහ උපදේශනය වෙනුවෙන් වසරක් පුරා Canva Care සේවාව නොමිලේ හිමිවීම.
– වසරක LinkedIn Premium ගිණුමක්, 1-on-1 coaching, Canva බඳවා ගැනීමේ කණ්ඩායම හරහා CV සැකසීම සහ සම්මුඛ පරීක්ෂණ පෙරහුරු, මෙන්ම ආයෝජකයින් හා හවුල්කරුවන් වෙත යොමු කෙරෙන Alumni talent directory ඇතුළත් වීමේ අවස්ථාව.
– ඉවත්ව යන සේවකයෙකුට තමන්ගේම ව්‍යාපාරයක් හෝ ප්‍රජා මට්ටමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට අවශ්‍ය නම්, කිසිදු කොටස් හිමිකමක් (0% Equity) රඳවා නොගෙන Canva මඟින් පිරිනමන $10,000 ක විශේෂ මුදල් ප්රදානය.
තාක්ෂණික ක්ෂේත්රයේ දැවැන්ත සේවක කප්පාදු හමුවේ සාමාන්‍ය සේවකයින් මහමඟට ඇද දමන යුගයක, Canva ආයතනය තමන්ට සේවය කළ මිනිසුන්ගේ අනාගතය, මානසික සුවය සහ මූල්‍ය ස්ථාවරත්වය පිළිබඳ මෙතරම් ගැඹුරින් සිතා ක්‍රියාත්මක කළ මෙම ප්‍රවේශය අන්තර්ජාලය තුළ බොහෝ දෙනෙකුගේ නොමඳ ගෞරවයට හේතු වී තිබෙනවා..
Dinith Maleesha
