තියෙන ලොකුම ප්රශ්නයක් තමයි මේක! “මචං 100% චාර්ජ් වුණාම ප්ලග් එක ගලවන්න ඕනෙද? නැත්නම් දිගටම චාර්ජර් එක ගහගෙන වැඩ කළාට කමක් නැද්ද?” කියලා ගොඩක් අය අහනවා.
අද අපි බලමු මේකේ ඇත්තම තාක්ෂණික පැත්ත (Tech Fact) මොකක්ද කියලා! ![]()
![]()
1. පරණ මිත්යාව (The Old Myth): “Overcharge වෙලා බැටරිය පිපිරෙනවා!”
මීට අවුරුදු 15-20කට කලින් ආපු පරණ Nickel-based බැටරි තිබුණු ලැප්ටොප් වල නම් 100% පිරුණට පස්සෙත් චාර්ජ් වෙලා බැටරිය සවුත්තු වෙන ප්රශ්නය තිබුණා.
හැබැයි අද එන Modern Lithium-Ion / Li-Polymer බැටරි තියෙන කිසිම ලැප්ටොප් එකක් Overcharge වෙන්නේ නැහැ!
ඔයාගේ ලැප්ටොප් එකේ බැටරිය 100% පිරුණු ගමන්, ඇතුළේ තියෙන Smart Charging Circuit එක මඟින් බැටරියට කරන්ට් එක යන එක සම්පූර්ණයෙන්ම නවත්වලා (Bypass කරලා), කෙලින්ම Charger එකෙන් එන කරන්ට් එකෙන් ලැප්ටොප් එක රන් කරනවා.
2. Gaming සහ Heavy Editing වලට Plug කරන එක අනිවාර්යයි! ![]()
ඔයා Gaming කරනවා නම් හෝ Video Editing / 3D Rendering වගේ බරපතල වැඩ කරනවා නම් අනිවාර්යයෙන්ම Charger එක Plug කරලම පාවිච්චි කරන්න ඕනේ.
• බැටරි පවර් එකෙන් විතරක් වැඩ කරද්දී ලැප්ටොප් එකේ CPU සහ GPU වලට උපරිම වේගයෙන් වැඩ කරන්න බැහැ (Performance තදින්ම අඩු වෙනවා).
• ඒ වගේම දවසකට දෙපාර තුන්පාර බැටරිය බස්සලා ආයෙත් චාර්ජ් කරන එකෙන් (Charge Cycles වැඩි වීමෙන්) බැටරියේ ආයු කාලය (Battery Health) ඉක්මනින්ම අඩු වෙනවා!
3. එහෙනම් දිගටම Plug කරලා තියද්දී බැටරියට වෙන එකම හානිය මොකක්ද? ![]()
Lithium-ion බැටරියක් හැමතිස්සෙම 100% පිරිලා තියෙන එක සහ Gaming කරද්දී ඇතිවෙන අධික රස්නය (Heat) තමයි බැටරියේ සැබෑම සතුරා! බැටරියක් දිගටම 100% වෝල්ටීයතාවයේ තියෙද්දී ඒකේ රසායනික ආයු කාලය ටිකෙන් ටික අඩු වෙනවා.
4. 100% ආරක්ෂිතව හදාගන්න කරන්න ඕනේ සුපිරිම Trick එක! ![]()
ඔයා ගෙදර හෝ ඔෆිස් එකේ හැමතිස්සෙම ලැප්ටොප් එක චාර්ජර් එකට ගහගෙන පාවිච්චි කරන කෙනෙක් නම්, මේ සෙටින්ග් එක අනිවාර්යයෙන්ම On කරගන්න:
• ASUS (MyASUS App): Battery Health Charging
Maximum Lifespan Mode (80% Limit) දාන්න.
• Lenovo (Lenovo Vantage): Power Settings
Conservation Mode (75%-80% Limit) On කරන්න.
• Dell / HP / Acer / MSI: BIOS හෝ ඒ ඒ සමාගමේ Control Center ඇප් එක ඇතුළට ගිහින් Battery Charge Limit එක 80% ට සෙට් කරන්න.
මෙහෙම 80% ට ලිමිට් කළාම, ඔයා අවුරුදු ගාණක් එකදිගට Plug කරගෙන වැඩ කළත් බැටරියට කිසිම හානියක් වෙන්නේ නැහැ! (ගමනක් යන්න වුණොත් විතරක් 80% ලිමිට් එක අයින් කරලා 100% චාර්ජ් කරගන්න).
Threejay Coms
