අපි මේ ජීවත් වෙන්නේ මානව ඉතිහාසයේ තීරණාත්මකම හැරවුම් ලක්ෂ්යයක. මීට දශක කිහිපයකට කලින් විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටවල විතරක් දැකපු දේවල් අද අපේ ඇස් ඉදිරිපිටම සැබෑ වෙමින් පවතිනවා…
විශේෂයෙන්ම Artificial Intelligence – AI සහ Robotics එකට එකතු වීමත් එක්ක ලෝකය පුරාම දැවැන්ත තාක්ෂණික විප්ලවයක් ආරම්භ වෙලා ඉවරයි…
මෙතෙක් කල් AI කියන දේ සීමා වෙලා තිබුණේ අපේ පරිගණක තිරයට සහ ස්මාර්ට් ජංගම දුරකථනයට විතරයි. ඒකට ප්‍රශ්නවලට උත්තර දෙන්න, චිත්‍ර අඳින්න, දත්ත විශ්ලේෂණය කරන්න පුළුවන් වුණාට භෞතික ලෝකයේ යමක් අල්ලන්න, ඔසවන්න හෝ ඇවිදින්න හැකියාවක් තිබුණේ නැහැ…
අනිත් පැත්තෙන්, කර්මාන්තශාලාවල හිටපු සාම්ප්‍රදායික රොබෝවරුන්ට ශරීරයක් තිබුණත් තමන් විසින්ම හිතලා තීරණ ගන්න පුළුවන් මොළයක් තිබුණේ නැහැ, එයාලා කළේ කලින් Program කරපු එකම දේ නැවත නැවත කිරීම විතරයි…
නමුත් අද වෙනකොට AI නැමැති සුපිරි මොළය, රොබෝවරුන්ගේ භෞතික ශරීරයට සම්බන්ධ වෙලා තියෙනවා. මේ සුසංයෝගය නිසා අද බිහිවෙන නවීන Humanoid රොබෝවරුන්ට මෙන්න මේ වගේ හැකියාවන් තියෙනවා…
අවට පරිසරය ඇස්වලින් (Cameras / Sensors) දැකලා තේරුම් ගන්න පුළුවන්…
මිනිසුන් කියන දේවල් තේරුම් අරගෙන ස්වභාවිකව කතාබහ කරන්න පුළුවන්…
අලුත් වැඩක් දිහා බලාගෙන ඉඳලා තනියම ඒක ඉගෙන ගන්න පුළුවන්…
හදිසි අවස්ථාවකදී තමන්ගේම බුද්ධිය පාවිච්චි කරලා තීරණ ගන්න පුළුවන්…
පළමු කාර්මික විප්ලවයේදී යන්ත්‍ර සූත්‍ර අභියෝග කළේ මිනිසාගේ කායික ශ්රමයට විතරයි. ඒත් මේ නව තාක්ෂණික රැල්ල මිනිසාගේ කායික ශ්රමයට වගේම බුද්ධිමය ශ්‍රමයටත් එකවර අභියෝග කරනවා…
කර්මාන්තශාලාවල බර වැඩවල ඉඳන්, ශල්‍යකර්ම, පර්යේෂණ, ඉගැන්වීම්, පාරිභෝගික සේවා සහ නිවසේ දෛනික කටයුතු දක්වා සෑම ක්ෂේත්රයකටම මේ බුද්ධිමත් යන්ත්‍ර ඇතුළු වෙමින් පවතිනවා…
තාක්ෂණය ඉදිරියට යන වේගය අපිට නතර කරන්න බැහැ. ඒ වගේම මේකට බය වෙලා පස්සට යන එකත් විසඳුමක් නෙවෙයි.
ඉදිරි දශකය ඇතුළත ලෝකයේ රැකියා වෙළඳපොළ සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. සාම්ප්‍රදායික, එකම රටාවකට සිදුකරන රැකියා වෙනුවට AI සහ රොබෝ තාක්ෂණය හසුරුවන්න, නිර්මාණශීලීව හිතන්න සහ තාක්ෂණයත් එක්ක සමගාමීව වැඩ කරන්න පුළුවන් මිනිසුන්ට තමයි අනාගතය හිමිවෙන්නේ…
යන්ත්‍රවලට බුද්ධිය ලැබෙද්දී, මිනිසුන් විදිහට අපි තවත් නිර්මාණශීලී, සංවේදී සහ දැනුමෙන් සන්නද්ධ වීම අත්‍යවශ්‍යයි. මොකද තාක්ෂණය කියන්නේ මිනිසාගේ පැවැත්මට සහ යහපතට උදව් වෙන මෙවලමක් මිස මිනිසාව ප්‍රතිස්ථාපනය කරන දෙයක් නොවිය යුතු නිසා…
~ නලින් මංජු මාකාවිට ~
