වෙළඳපොළට නිකුත් වී දින දෙකක් ගතවීමටත් පෙර, එහි Display ආශ්‍රිතව මතුවන බරපතල දෝෂ රැල්ලක් පිළිබඳව වාර්තා වෙනවා..
ප්‍රකට තාක්ෂණික තොරතුරු හෙළිදරව් කරන්නෙකු වන Ice Universe විසින් X හි පළකළ ඡායාරූප පෙළකින් පෙනී යන්නේ, උපාංග කිහිපයකම එකම ආකාරයේ දෝෂයක් හටගෙන ඇති බවයි..
එනම් දුරකථනයේ ඇතුළත hinge එක දිගේ ඉරිතැලීමක් හෝ crease එකක් මතුවීමත් සමඟ, තිරයේ එක් අර්ධයක් පුරා දිවෙන dead/stuck pixels සහිත දීප්තිමත් තිරස් රේඛාවක් මතුවීමයි.. මෙම ගැටලුව සුළුපටු නොවන බවත්, ඇතැම්විට මෙය දුරකථන Recall කිරීමක් දක්වා වර්ධනය විය හැකි බවත් ඔහු අනතුරු අඟවනවා..
ඕස්ට්‍රේලියාව, ඇමරිකාව, කැනඩාව සහ චීනය ඇතුළු රටවල් කිහිපයකින්ම මේ වන විටත් මෙවැනි සිදුවීම් වාර්තා වී තිබෙනවා.. එක් ඕස්ට්‍රේලියානු පාරිභෝගිකයෙකු පවසන්නේ කිසිදු බාහිර හානියක් නොමැතිව, දුරකථනය විසි වතාවක්වත් නැවීමට පෙර ‘ක්ලික්’ හඬක් සමඟින් තිරය ඉරිතලා ගිය බවයි..
තවත් බොහෝ දෙනෙකුට දුරකථනය දිගහරින අවස්ථාවේදීම කිසිදු හේතුවක් නොමැතිව Display එක අක්‍රිය වී තිබෙනවා..
Apple සමාගම මේ වන විට හානියට පත් ඒකක වෙනුවට නව දුරකථන කඩිනමින් ලබාදීමට පියවර ගනිමින් සිටින අතර, සමහර Apple Store සේවකයින් මෙය “Day one manufacturing error” එකක් ලෙස හඳුන්වා දී ඇති බවත් සඳහන්..
hinge එක ආසන්නයේ එකම ස්ථානයක අඛණ්ඩව මෙම හානිය සිදුවීම නිසා, hinge එකේ හෝ ultra-thin glass එකේ පවතින සැලසුම් හෝ නිෂ්පාදන දෝෂයක් මීට බලපා ඇතැයි සැක කෙරෙනවා..
ship කරන සමස්ත දුරකථන ප්‍රමාණයට සාපේක්ෂව මෙලෙස වාර්තා වී ඇති සංඛ්‍යාව තවමත් කුඩා වුවත්, ඩොලර් 1,999ක් තරම් ඉහළ මිලකට අලෙවි වන මෙවැනි උපාංගයක මුල් දිනවලම මෙවැනි දෝෂ මතුවීම සමාගමේ ප්‍රතිරූපයට එල්ල වන දැඩි පහරක්..
ඉදිරි සති කිහිපය තුළ මෙය නිෂ්පාදනයේ සුළු දෝෂයකට සීමා වේද නැතහොත් මීට වඩා බරපතල තත්ත්වයකට පත්වේද යන්න පැහැදිලි වනු ඇත..
කෙසේ වෙතත්, iPhone Duo මිලදී ගත් පරිශීලකයින්ට දැනට දුරකථනය ඉතා ප්‍රවේශමෙන් පරිහරණය කරන ලෙසත්, බොහෝ දෙනෙකු AppleCare+ ලබාගැනීමටත් මේ වන විට පෙළඹෙමින් සිටිනවා..
Dinith Maleesha
