අපි හිතන්නේ Operating System (OS) එකක් කියන්නේ අතිශය ලොකු, සංකීර්ණ software එකක් කියලා. Linux හෝ Windows වගේ system එකක් හදන්න ලක්ෂ ගණන් lines of code ඕන වෙනවා. ඒත් මේ GitHub project එක ඒ අදහස සම්පූර්ණයෙන්ම වෙනස් කරනවා.
“Operating System in 1000 Lines” කියන්නේ, සම්පූර්ණ OS එකක් code lines 1000ක් ඇතුළත build කරන project එකක්. මේකේ special thing එක තමයි — unnecessary complexity නැතුව, OS එකේ core concepts ටික straight forward විදිහට පෙන්වන එක.
මේ project එක බලද්දී, OS එකක basic parts ටික හොඳට තේරෙනවා:
-Memory manage කරන හැටි
-Tasks run වෙන විදිහ (task switching)
-Keyboard / display වගේ input-output handle කරන විදිහ
සාමාන්‍යයෙන් මේවා ඉගෙනගන්න ගියාම, code එක හරිම විශාල නිසා beginnersලා confuse වෙනවා. ඒත් මෙහිදී, සරල code structure එකක් හින්දා, එකක් එකක් clear විදිහට තේරුම් ගන්න පුළුවන්.
මෙකේ තියෙන biggest value එක තමයි —
OS එකක් කියන්නේ magic එකක් නෙවෙයි, logic + hardware control + structured code එකක් විතරයි කියලා දැනගන්න පුළුවන්.
ඉතින් programming වලට ආසාවක් තියෙන, especially low-level programming (C, Assembly වගේ) ඉගෙනගන්න කැමති කෙනෙක් නම්, මේ project එක හොඳ starting point එකක් ![]()
උපුටා ගැනීම : Buwa Thoughts
