Windows මත,

Mic
By Mic

ක්‍රියාත්මක වන Google Chrome බ්‍රවුසරයේ පැවති අතිශය භයානක full-chain exploit එකක් සොයාගැනීම වෙනුවෙන්, XBOW කියන ආරක්ෂක පර්යේෂණ සමාගම වෙත ඩොලර් 250,000ක දැවැන්ත bounty මුදලක් පිරිනැමීමට Google සමාගම කටයුතු කර තිබෙනවා..

කිසිදු ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කිරීමකින් හෝ phishing ලින්ක් එකක් ක්ලික් කිරීමකින් තොරව, අනතුරුදායක වෙබ් අඩවියකට පිවිසීමෙන් පමණක් පරිශීලකයාගේ පරිගණකයේ සම්පූර්ණ පාලනය ලබාගෙන ඊමේල්, පාස්වර්ඩ් සහ බැංකු තොරතුරු ඇතුළු සංවේදී දත්ත සොරාගැනීමට මෙම දෝෂය හරහා හැකියාව පැවතුණා..

Chrome ඉතිහාසයේ මෙවැනි සම්පූර්ණ පද්ධති අත්පත් කරගැනීමේ දෝෂයක් වෙනුවෙන් මෙතරම් ඉහළ මුදලක් ගෙවූ දෙවන අවස්ථාව මෙය වන අතර, Google හි 2026 නව නීති යටතේ පිරිනැමූ පළමු අවස්ථාවද වනවා..

2026 වසර ආරම්භයේදී XBOW නිර්මාතෘ Oege de Moor විසින් ලබාදුන් අභියෝගයකට අනුව, සාමාන්‍ය වෙබ් යෙදුම්වලින් ඔබ්බට ගොස් ඉතා ආරක්ෂිත Desktop මෘදුකාංග පරීක්ෂා කිරීමට තම AI ටූල් වලට හැකිදැයි බැලීමට මෙම පර්යේෂණය ආරම්භ කෙරුණා.. එහිදී Brendan Dolan-Gavitt, Andres Luksenberg, Baul Lee සහ Willem Pinckaers යන පර්යේෂකයින් OpenAI එකේ GPT-5.6 Sol මොඩල් එක සමඟ එක්ව මෙම මෙහෙයුම දියත් කළා..

ඔවුන් මුලින් සොයාගත් දෝෂ දාමයේ එක් දෝෂයක් ගැන Google සමාගම කලින් දැන සිටි නිසා එය ප්‍රතික්ෂේප වුවද, ලාස් වේගාස් හි පැවති Black Hat සහ DEF CON සමුළු අතරතුරදීම අගෝස්තු 2 සිට 7 දක්වා දින 6ක් වැනි කෙටි කාලයක් තුළ, ඩොලර් 40,000ක පමණ compute පිරිවැයක් දරමින් නව දෝෂ තුනකින් යුත් දාමයක් (three-bug chain) ගොඩනැගීමට මෙම කණ්ඩායම සහ AI agentsලා සමත් වුණා..

මීට පෙර කණ්ඩායමකට මාස හයක් පමණ ගතවූ මෙවැනි සංකීර්ණ කාර්යයක් AI ආධාරයෙන් දින කිහිපයකින් අවසන් කිරීම සයිබර් ආරක්ෂණ ක්ෂේත්‍රයේ දැවැන්ත හැරවුම් ලක්ෂ්‍යයක්.. බරපතල ආරක්ෂක දෝෂ සොයාගැනීමේ පිරිවැය සහ කාලය සීඝ්‍රයෙන් පහත වැටෙමින් පවතින පසුබිමක, ප්‍රබල AI මොඩල් සීමා කරනවා වෙනුවට ප්‍රහාරකයින්ට පෙර තමන්ගේම code පරීක්ෂා කර ආරක්ෂා කරගැනීමේ සුවිශේෂී වාසිය ආරක්ෂක අංශ සතුව පවතින බව XBOW පෙන්වා දෙනවා..

මේ වන විට අදාළ දෝෂ සියල්ල Google විසින් නිරාකරණය කර ඇති අතර, බ්‍රවුසරයට නව Update එකක් ලැබුණු වහාම එය Restart කරන ලෙස සියලුම Chrome පරිශීලකයින්ට උපදෙස් දී තිබෙනවා..

මෙම සාර්ථකත්වයත් සමඟ Desktop, Servers සහ අනෙකුත් උපාංගවල මෘදුකාංග ස්වයංක්‍රීයව පරීක්ෂා කළ හැකි නව නිෂ්පාදනයක් හඳුන්වා දීමටත්, ඒ සඳහා ප්‍රධාන පෙළේ ආයතන සමඟ එක්ව කටයුතු කිරීමටත් XBOW සමාගම සූදානමින් සිටිනවා..

Dinith Maleesha

Share This Article