බොහෝ services මේ වනවිට subscription ක්‍රමයට මාරු වී ඇති අතර WhatsApp ද ඊට එකතු වීමට සූදානම් වේ. WABetaInfo වාර්තා කරන පරිදි ඔවුන් WhatsApp Plus නමින් නව premium subscription plan එකක් හඳුන්වා දීමට කටයුතු කරමින් සිටී.
මෙහිදී app icons, themes සහ accent colors වෙනස් කිරීමේ හැකියාව මෙන්ම chats 20 ක් දක්වා pin කිරීමේ පහසුකම ලබා දෙනු ඇත. තවද exclusive stickers සහ ringtones වැනි අමතර features ද මීට ඇතුළත් වේ.
සාමාන්‍යය WhatsApp භාවිතය තවදුරටත් නොමිලේ ලබා දෙන අතර, මෙම Plus tier එක මුදල් ගෙවා ලබාගත හැකි optional පහසුකමක් පමණි. ව්‍යාපාරිකයන්ට ඇති Meta Verified පහසුකමට වඩා මෙය පාරිභෝගිකයන් ඉලක්ක කර ඇති නමුත් මෙහි මිල තවමත් අනාවරණය වී නොමැත.
උපුටා ගැනීම : Techie Instants
