Google Maps පාවිච්චි කරන Users ලාට ආපු අලුත්ම AI Features

Mic
By Mic

අපි හැමෝම පාරවල් හොයාගන්න, ට්‍රැෆික් බලාගන්න Google Maps පාවිච්චි කරනවනේ. හැබැයි දැන් Google සමාගම Maps ඇප් එක සම්පූර්ණයෙන්ම වෙනස්ම මට්ටමකට ගෙනල්ලා තියෙනවා. Generative AI සහ Augmented Reality (AR) තාක්ෂණය එක්ක Google Maps වලට එකතු වුණු, ඔයාව පුදුම කරවන සුපිරිම Features 5ක් මෙන්න:

1. Ask Maps – යාලුවෙක්ගෙන් අහනවා වගේ Maps එකෙන් අහන්න 💬

දැන් ඔයාට Maps එකේ “Quiet cafes to work” වගේ keywords ටයිප් කර කර දඟලන්න ඕන නෑ. සාමාන්‍ය යාලුවෙක්ගෙන් අහනවා වගේ “ලැප්ටොප් එකත් අරන් ගිහින් වැඩක් කරගන්න පුළුවන්, නිස්කලංක, හොඳ කෝපි එකක් තියෙන තැනක් කෝ?” වගේ ඕනෑම දෙයක් සාමාන්‍ය භාෂාවෙන් අහන්න පුළුවන්. AI එකෙන් ඔයාට ගැලපෙනම තැන් ටික විස්තර ඇතුවම හොයලා දෙයි.

2. Immersive 3D View & Navigation – සිනමා රූප රාමුවක් වගේ මැප් එක බලන්න 🗺️🎥

මේක නම් පිස්සු හැදෙන ෆීචර් එකක්! ඔයා යන නගරය හෝ පාර සාමාන්‍ය 2D මැප් එකක් වෙනුවට, සැබෑ ලෝකය වගේම 3D ආකෘතියකින් (Cinematic 3D Models) බලාගන්න පුළුවන්. ඒ වගේම ඔයා යන වෙලාව අනුව එහේ කාලගුණය (Weather) සහ ට්‍රැෆික් එක තියෙන්නේ කොහොමද කියලත් කලින්ම 3D වලින් බලාගන්න පුළුවන්.

3. Lens in Maps – කැමරාව ඇල්ලුවාම වටපිටාවම Screen එක උඩ 📸🔍

නන්නාදුනන නගරයක පාරකට බැස්සාම ATM එකක්, රෙස්ටුරන්ට් එකක් හොයාගන්න එක ලේසි නෑනේ. දැන් Maps එකේ Lens ෆීචර් එක ඔන් කරලා ඔයාගේ ෆෝන් එකේ කැමරාව වටපිටාවට ඇල්ලුවාම, Augmented Reality (AR) තාක්ෂණයෙන් ඔයාගේ ඇස් ඉස්සරහා තියෙන බිල්ඩින් මොනවාද, ඒවයේ Ratings කොහොමද, open කරලාද තියෙන්නේ වගේ හැම විස්තරයක්ම Screen එක උඩින්ම බලාගන්න පුළුවන්.

4. Route Guide – අතරමං නොවී හරියටම යන්න 🚗🏁

මැප් එක දාලා ගියත් සමහර වෙලාවට බිල්ඩින් එකක ඇතුල් වෙන ගේට්ටුව (Entrance) හොයාගන්න හෝ වාහනය පාක් කරන්න ඕන තැන (Parking සලකුණු) හොයාගන්න අපි අමාරුවේ වැටෙනවා. Route Guide එකෙන් Maps community එකේ ඉන්න සැබෑ මිනිස්සුන්ගේ අත්දැකීම් එක්ක, “හරියටම පාක් කරන්නේ කොතනද, ලේසියෙන්ම ඇතුල් වෙන්නේ කොහොමද” වගේ ප්‍රායෝගික ටිප්ස් ඔයාට කියලා දෙනවා.

උපුටා ගැනීම : Hasantha Medagedara

Share This Article