ඔයාගේ WhatsApp Username එකත් දැන්ම Reserve කරගන්න!

Mic
By Mic

ඔන්න කාලෙක ඉඳන් හැමෝම බලාගෙන හිටපු සුපිරිම WhatsApp Feature එක මේ වෙනකොට Rollout වෙන්න පටන් අරන් තියෙනවා. ඒ තමයි WhatsApp Usernames! 😎

දැන් ඉතින් කාටහරි WhatsApp මැසේජ් එකක් දාන්න ඕන වුණාම තමන්ගේ පෞද්ගලික ෆෝන් නම්බර් එක (Phone Number) දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. Instagram, X (Twitter) වගේ ඔයාගේ Username එක (@YourName) විතරක් දීලා චැට් එකක් පටන් ගන්න පුළුවන්. මේක ඔයාගේ Privacy එක උපරිමයෙන්ම ආරක්ෂා කරන්න ලැබුණු ලොකුම අවස්ථාවක්!🛡️

⚠️ ඇයි දැන්ම මේක කරන්න ඕනේ?

ලෝකය පුරා බිලියන 3කට වඩා WhatsApp පරිශීලකයින් ඉන්නවා. ඒ නිසා ඔයාට කැමති, ඔයාගේ නමට ගැලපෙන Unique Username එක වෙන කෙනෙක් ගන්න කලින් දැන්ම Reserve කරගන්න එක ගොඩක් වටිනවා. පස්සේ හැදුවොත් ඔයා කැමති නම දැනටමත් වෙන කෙනෙක් අරන් තියෙන්න පුළුවන්! 🏃‍♂️💨

🛠️ Username එක Reserve කරගන්නේ කොහොමද?

👉ඔයාගේ WhatsApp App එක අලුත්ම Version එකට Update කරගන්න.

👉WhatsApp Settings වලට යන්න.

👉එතනින් Account Click කරන්න.

👉Username කියන Option එක තෝරන්න.

👉ඔයා කැමති, තවම වෙන කෙනෙක් අරන් නැති Username එකක් Type කරලා Save කරගන්න.

(සැලකිය යුතුයි: මේ Feature එක අදියරෙන් අදියර Rollout වන නිසා, සමහර විට ඔයාගේ Profile එකට තාම ලැබිලා නැති වෙන්න පුළුවන්. එහෙම වුණොත් App එක දිගටම Update එකේ තියාගෙන නිතර බලන්න option එක ලැබිලද කියලා!)

💡 විශේෂ වාසි කිහිපයක්:

✨Business සහ Content Creators ලට: ඔයාලගේ Facebook හෝ Instagram වල තියෙන Username එකම WhatsApp වලටත් Claim කරගන්න පුළුවන්.

✨Username Key: ඔයාගේ Username එක දැනගත්තත් ඕනෑම කෙනෙක්ට මැසේජ් කරන්න බැරි වෙන්න, අමතර ආරක්ෂාවට 4-digit Key (මුරපදයක්) දාන්නත් පුළුවන්.

දැන්ම ඔයාගේ WhatsApp එක Check කරලා බලන්න! ඔයාට කැමතිම Username එක මොකක්ද කියලා පල්ලෙහායින් Comment එකක් දාගෙන යන්න

උපුටා ගැනීම : Ruchira Silva

Share This Article