AI අද හැම industry එකකම ලොකු වෙනසක් කරගෙන යනවා. Manufacturing, software development, customer support, marketing වගේ fields වල AI භාවිතය ඉතා වේගයෙන් වැඩි වෙලා තියෙනවා. නමුත් AI powerful tool එකක් වුණත්, හැම වෙලාවෙම human experience replace කරන්න බැරි බව පෙන්වන හොඳ උදාහරණයක් Ford සමාගමෙන් වාර්තා වෙනවා.
Ford සමාගම තමන්ගේ vehicle quality improve කරන්න AI සහ automated quality systems මත වැඩි වශයෙන් විශ්වාස කරලා තිබුණා. Ford හිතලා තිබුණේ design requirements සහ data AI systems වලට දුන්නම, vehicle parts සහ production quality එක හොඳට predict කරලා problems කලින්ම හඳුනාගන්න පුළුවන් වෙයි කියලා.
ඒත් reality එක ඒ තරම් සරල වෙලා නැහැ.
AI systems වලින් Ford අපේක්ෂා කළ ප්‍රතිඵල ලැබිලා නැති නිසා, සමාගම දැන් experienced “gray beard” engineers 350ක් පමණ නැවත බඳවාගෙන තියෙනවා. “Gray beard engineers” කියන්නේ වසර ගණනාවක practical engineering experience තියෙන senior engineers ලාට කියන informal term එකක්. මේ අයගෙන් සමහරක් Ford හි කලින් වැඩ කළ අය, තවත් සමහරක් suppliers සහ automotive industry එකේ දිගු කාලීන අත්දැකීම් තියෙන specialists ලා.
Ford මේ අය නැවත ගෙනාවෙ AI අතහැරලා දාන්න නෙවෙයි. Ford ගන්න උත්සාහ කරන approach එක Human Expertise + AI. ඒ කියන්නේ AI tools improve කරන්නත්, young engineers ලා train කරන්නත්, production එකට යන්න කලින් real-world engineering problems හඳුනාගන්නත් මේ experienced engineers ලාගේ knowledge එක භාවිතා කරනවා.
AI tools වලින් speed එක වැඩි කරන්න පුළුවන්. Data analyze කරන්න පුළුවන්. Patterns හඳුනාගන්න පුළුවන්. නමුත් real-world decision making වලදී human judgment, experience, intuition සහ domain knowledge තවමත් අතිශය වැදගත්.
AI jobs replace කරනවා කියන කතාවට වඩා, AI නිසා experienced people ලාගේ value එක තවත් වැඩි වෙන ලෝකයක් තමයි අපි දැන් දැකගෙන යන්නේ.
උපුටා ගැනීම : Lakshan Weerasingha
