ඔබේ Computer එකම Private ChatGPT එකක් කරගන්න!

Mic
By Mic

AI භාවිතය අද වෙනකොට හැමෝටම හුරු දෙයක්. ChatGPT, Claude, Gemini වගේ AI Tools අපේ වැඩ ගොඩක් පහසු කරනවා. හැබැයි මේ සේවාවන් බොහොමයක් භාවිතා කරන්න Internet එකත්, Cloud Services වලට දත්ත යැවීමත් අවශ්‍ය වෙනවා.

ඒත්, මේ හැමදේම ඔබේම Computer එකේ ධාවනය කරන්න පුළුවන් නම්?

Osmantic ODS කියන්නේ ඒකට හොඳ විසඳුමක්. මේ Open Source Tool එක ඔබේ Computer එක පරීක්ෂා කරලා, ඒකට ගැළපෙන හොඳම AI Model එක තෝරනවා. ඊට පස්සේ අවශ්‍ය Setup එක ස්වයංක්‍රීයව setup කරලා, AI භාවිතයට සූදානම් කරනවා.

මේකෙන් Chat කිරීම විතරක් නෙවෙයි. Voice Assistant, AI Agents, RAG, Image Generation සහ Automation වගේ පහසුකම්ත් එකම Dashboard එකකින් ලබාගන්න පුළුවන්.

හොඳම දේ තමයි, ඔබේ දත්ත ඔබේම Computer එකේම තියෙන එක. ඒ නිසා Privacy ගැන වැඩි විශ්වාසයකින් AI භාවිතා කරන්න පුළුවන්.

Developer කෙනෙක්, Student කෙනෙක්, Content Creator කෙනෙක් හෝ AI ගැන උනන්දුවක් තියෙන ඕනෑම කෙනෙක්ට මේ Tool එක ප්‍රයෝජනවත් වෙයි.

උපුටා ගැනීම : Buwa Thoughts

Share This Article