AI භාවිතයෙන් නිර්මාණය කරන ගීතවලට,

Mic
By Mic

දායක වූ මුල් සංගීත නිර්මාණ හඳුනාගැනීමට හැකි නව තාක්ෂණයක් දකුණු කොරියාවේ Neutune සමාගම සංවර්ධනය කර තිබෙනවා. මෙහි අරමුණ වන්නේ AI සංගීතය නිර්මාණය කිරීමේදී වෙනත් නිර්මාණකරුවන්ගේ ගීත භාවිත වී ඇත්නම් ඒවා හඳුනාගෙන, අදාළ හිමිකරුවන්ට සාධාරණ ගෙවීම් සිදුකළ හැකි ක්‍රමවේදයක් නිර්මාණය කිරීමයි.

2020 වසරේදී KAIST විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් ආරම්භ කළ Neutune සමාගම, මේ සඳහා Music DNA නමින් තාක්ෂණයක් නිර්මාණය කර තිබෙනවා. එමඟින් AI ගීතයක් පරීක්ෂා කර එහි සංගීත ඛණ්ඩ, බෙර රටා සහ අනෙකුත් ශබ්ද සඳහා මුල් ගීතවලින් ලැබී ඇති දායකත්වය හඳුනාගැනීමට උත්සාහ කරනවා. සමාගම නිර්මාණය කළ MixAudio සේවාව හරහා AI භාවිතයෙන් ගීත නැවත සකස් කිරීමේදීද මුල් නිර්මාණ හඳුනාගත හැකියි.

Neutune ප්‍රධාන විධායක නිලධාරී Lee Jong-pil සඳහන් කරන්නේ මෙම තාක්ෂණය සංවර්ධනය කිරීමට වඩා විශාල අභියෝගය වී ඇත්තේ ගීතවල අයිතිකරුවන්ගෙන් අවසර ලබාගැනීම සහ ගෙවීම් සම්බන්ධ එකඟතාවලට පැමිණීම බවයි. AI සංගීතය සඳහා තවමත් පැහැදිලි ප්‍රකාශන හිමිකම් ක්‍රමවේදයක් නොමැති අතර, දකුණු කොරියාවේ ඒ සඳහා හඳුන්වා දුන් නීතිමය මාර්ගෝපදේශ පවා පසුගිය අගෝස්තු මාසයේදී ඉවත් කර තිබුණා.

මෙම තාක්ෂණය අනාගතයේදී K-pop ක්ෂේත්‍රයටද වැදගත් විය හැකි බව Lee පෙන්වා දෙනවා. ඒ අනුව රසිකයන්ට තමන් කැමති කලාකරුවන්ගේ ගීත AI භාවිතයෙන් නැවත සකස් කිරීමටත්, එම නිර්මාණවලින් ලැබෙන ආදායම මුල් අයිතිකරුවන් සමඟ බෙදාගැනීමටත් හැකි ක්‍රමවේදයක් බිහි කිරීම සමාගමේ අපේක්ෂාවයි. කෙසේ වෙතත්, ගායකයන්ගේ හඬ අනුකරණය කිරීම වැනි ගැටලු සඳහා තවමත් සම්පූර්ණ විසඳුමක් ලැබී නැහැ.

Red Bunny

Share This Article