Authentication කියන්නෙ මොකද්ද?

Mic
By Mic

Authentication කියන එකේ සරල අදහස තමයි මේ Request එක එවන්නේ කවුද? කියලා හරියටම තහවුරු කර ගන්න එක. හිතන්න ඔයා Payment එකක් කරන්න Banking App එකකට යනවා කියලා. එතනදි ඔයාගෙ තොරතුරු ටික ලබාදෙන්න කලින් application එකට ඔයා කවුද කියලා තහවුරු කරගන්න අවශ්‍යයි. ඉතින් මෙහෙම User කෙනෙක් තමන් කියන පුද්ගලයාමද කියලා තහවුරු කරගැනීම තමයි මේ Authentication කියලා හදුන්වන්නෙ.

🔐 Authentication සහ Authorization අතර වෙනස

මේක නම් ටිකක් Beginners ලා අතරෙ තියෙන Common පටලැවිල්ලක්. ඇත්තටම මේ දෙක දෙකක්ද? එහෙම නැත්තන් එකක් ද කියන එක. අපි කලින් කියපු විදියට Authentication කියන්නෙ ඇත්තටම ඔයා කවුද? කියන එක. එතකොට මොකද්ද මේ Authorization කියන්නෙ.

Authorization කියන්නෙ ඔයාට කරන්න අවසර තියෙන්නේ මොනවාද කියන එක. අපි උදාහරණයකට Learning management system එකක් ගත්තොත්.

🔰Student කෙනෙක්ට තමන්ගේ enrolled courses බලන්න පුළුවන්.

🔰Teacher කෙනෙක්ට තමන්ගේ courses manage කරන්න පුළුවන්.

🔰Admin කෙනෙක්ට users සහ system settings manage කරන්න පුළුවන්.

අපි බලමු Login එකක් වෙන්නේ කොහොමද කියලා.

1️⃣User email සහ password ලබා දෙනවා.

2️⃣Backend එක user account එක තිබෙනවාද කියලා පරීක්ෂා කරනවා.

3️⃣Password එක ආරක්ෂිතව verify කරනවා.

Login එක සාර්ථක නම් session එකක් හෝ token එකක් ලබා දෙනවා.

4️⃣ඉදිරි requests වලදී user කවුද කියලා හඳුනාගැනීමට එම session එක හෝ token එක භාවිතා කරනවා.

ඉතින් මේකට උදව් කරගන්න පුලුවන් Technologies තමයි

✨Session-based authentication

✨JWT authentication

✨OAuth 2.0

✨OpenID Connect

මේවගෙන් ඔයාගෙ Identity එක Verify කරගත්තට පස්සෙ Backend එක ඔයාගෙ Request එක දිගටම Process කරගෙන යනවා. ඉතින් ඔයාගෙ Verification. එක Fail උනොත් ඔයාගෙ Request එක Backend එකෙන් ප්‍රතික්ශේප කරනවා.

මන් හිතනවා ඔයාට Authentication ගැන යම් අදහසක් මේ වෙද්දි ඇති කියලා. ඉතින් අපි ඊළගට කතා කරනවා Batabase ගැන. ඉතින් ඔයාගෙ IT degree එකක් කරන යාලුවන්ටත් පේන්න මේක Share කරන්න. ඒ වගේම LearnStack අපිව Follow කරලා Learnstack Community එකත් එක්ක එකතු වෙන්න කියලත් කියනවා.

Learn Stack

Share This Article