Coding පිළිබඳ ලොකු දැනුමක් නොමැති අයට පවා තමන්ට අවශ්‍ය Android App නිර්මාණය කරගෙන එය තමන්ගේ දුරකථනයේ භාවිත කිරීමට අවස්ථාව සලසා දීමට Google පියවර ගෙන තිබෙනවා.
මෙහිදී ප්‍රධාන වශයෙන් භාවිත වෙන්නේ Google AI Studio නම් AI-පාදක Development Platform එකයි. සාමාන්‍යයෙන් Android App එකක් නිර්මාණය කිරීමේදී Kotlin හෝ Java වැනි Programming Languages, Development Tools සහ තාක්ෂණික දැනුම අවශ්‍ය වෙනවා.
නමුත් Google AI Studio හරහා ඔබට නිර්මාණය කිරීමට අවශ්‍ය App එක පිළිබඳ විස්තර සරල භාෂාවෙන් ලබා දිය හැකියි. එම උපදෙස් අනුව AI එකට App එකේ Code එක සහ User Interface එක නිර්මාණය කිරීමට හැකියාව තිබෙනවා.
උදාහරණයක් ලෙස, ඔබට පහත ආකාරයේ App නිර්මාණය කිරීමට ඉල්ලීමක් කළ හැකියි.
දෛනික වියදම් සටහන් කරන Expense Tracker App එකක්
දවසේ වැඩ සැලසුම් කරන To-Do List App එකක්
තමන්ගේම ව්‍යාපාරය සඳහා Stock Management App එකක්
ආහාර වට්ටෝරු එකතු කර තබාගත හැකි Recipe App එකක්
අධ්‍යාපන කටයුතු සඳහා Notes සහ Study Planner App එකක්
මෙහි විශේෂත්වය වන්නේ ඔබේ අවශ්‍යතාවය අනුව App එකේ විශේෂාංග විස්තර කරමින් AI සමඟ සංවාදය හරහා එය වැඩිදියුණු කරගැනීමට හැකි වීමයි.
නිර්මාණය කළ App එක දුරකථනයට ලබාගන්නේ කොහොමද?
Google විසින් 2026 ඔක්තෝබර් 13 දින ප්‍රකාශයට පත් කළ Google Play යාවත්කාලීන අනුව, AI Studio භාවිතයෙන් නිර්මාණය කළ Personal Android Apps තමන්ගේ උපාංගයේ භාවිතයට ගෙන ඒම සඳහා අලුත් ක්‍රමයක් හඳුන්වා දී තිබෙනවා.
මෙහිදී App එක නිර්මාණය කිරීමෙන් පසුව, එය තමන්ගේ Google Play Personal Library එකට එක් කරගෙන දුරකථනයේ ස්ථාපනය කරගැනීමට හැකියාව ලැබෙනවා. එම Apps සාමාන්‍ය Public Play Store එකේ සියලු දෙනාට පෙනෙන Apps ලෙස ප්‍රකාශයට පත් නොවී, පෞද්ගලික භාවිතය සඳහා වෙන්ව පවතිනවා.
Google සඳහන් කරන පරිදි, මෙම Personal Apps පහසුකම භාවිත කිරීමට Google Play Developer Account එකක් තිබීම අනිවාර්ය නැහැ. සාමාන්‍ය Google Account එකක් ප්‍රමාණවත් වෙනවා.
Google AI Studio හි නිල Android Development මාර්ගෝපදේශය අනුව, App එක Preview කිරීම, Android උපාංගයක ස්ථාපනය කිරීම සහ අවශ්‍ය නම් ඉදිරි Development කටයුතු සඳහා Code එක භාවිත කිරීමේ හැකියාවත් තිබෙනවා.
මෙම පහසුකම සියලු රටවලට එකවර ලබා දී නැහැ. Google Play හි නිල තොරතුරු අනුව, Personal Apps පහසුකම මුලින්ම ඇමරිකාව ඇතුළු තෝරාගත් වෙළෙඳපොළවල වයස අවුරුදු 18 සහ ඊට වැඩි පරිශීලකයන් සඳහා Beta මට්ටමින් ආරම්භ කර තිබෙනවා. අනෙකුත් රටවලට එය ලබාදීම ඉදිරියේදී සිදුකිරීමට නියමිතයි.
Lakshan Weerasingha
