වීඩියෝ කරන, Content හදන Samsung කොල්ලොන්ට ඔන්න සුපිරිම සුබ ආරංචියක්!

Mic
By Mic

⠀මේ දවස්වල Galaxy S26 සීරීස් එකට දෙන අලුත්ම One UI 9.5 Beta එකේ කැමරා ඇප් එක ඇතුළේ හංගලා තිබ්බ පට්ටම රහස් ෆීචර් එකක් Android Authority සහ AssembleDebug එකෙන් හොයාගෙන තියෙනවා.. ඒ තමයි ලොකු සිනමා කැමරා වල තියෙන Native Open Gate Video Recording පහසුකම!

සීන් එක මේකයි. සාමාන්‍යයෙන් අපි ෆෝන් එකකින් 16:9 වීඩියෝ එකක් ගහද්දී, කැමරා සෙන්සර් එකේ උඩයි යටයි කෑලි කපලා (Crop කරලා) තමයි වීඩියෝ එක රෙකෝඩ් වෙන්නේ. හැබැයි Open Gate දාලා වීඩියෝ කරද්දී, සෙන්සර් එකේ එක අඟලක්වත් අපතේ යවන්නේ නැතුව සම්පූර්ණ 4:3 සෙන්සර් එකම පාවිච්චි කරලා උස, පළල ලොකු ෆ්‍රේම් එකක් රෙකෝඩ් කරනවා.

⠀

මේකෙන් වීඩියෝ හදන උන්ට තියෙන ලොකුම වාසිය මොකක්ද දන්නවද? උඹට එකම වීඩියෝ එක දෙපාරක් (හරහටයි දිගටයි) ෂූට් කරන්න ඕනේ නෑ. Open Gate එකෙන් එක පාරක් වීඩියෝ කරලා, පස්සේ Edit කරන වෙලාවට කොලිටි අඩු නොවී ඒකෙන්ම YouTube වලට 16:9 එකත් Reels වලට 9:16 එකත් ලේසියෙන්ම කපාගන්න පුළුවන්. ඒ වගේම වීඩියෝ Stabilize කරන්නත් ඕන තරම් ඉඩ ලැබෙනවා.

⠀

කැමරා ඇප් එකේ කෝඩ් එක ඇතුළෙන් හොයාගත්ත විදිහට මේකේ තියෙන සුපිරිම වැඩකෑලි ටික මෙන්න :

⠀

🎬 24fps ඉඳන් 60fps වෙනකම් ඔක්කොම තියෙනවා: සිනමා ලුක් එකට 24fps, 25fps වගේම ස්මූත් වීඩියෝ වලට 30, 48, 50 සහ 60fps වෙනකම්ම Open Gate රෙකෝඩ් කරන්න පුළුවන්.

📐 වීඩියෝ කරද්දීම Frame Guides පෙන්නනවා: ෂූට් කරන ගමන්ම මේක YouTube එකට හරි Reels වලට හරි කැපුවම කොහොමද පේන්නේ කියලා බලාගන්න Frame Guides ටික ස්ක්‍රීන් එකේම වැටෙනවා.

⚙️ සාමාන්‍ය Video Mode එකටත් දාගන්න පුළුවන්: මේක Pro Video Mode එකේ විතරක් නෙවෙයි, කැමති නම් සාමාන්‍ය Video Mode එකේ Preview එකටම දාගෙන එක ටැප් එකෙන් On/Off කරන්නත් සෙටින්ග්ස් දීලා තියෙනවා.

🎥 උපරිම පළල ගන්න ටිප්ස්: ඩිජිටල් ක්‍රොප් වෙන එක නවත්තලා සම්පූර්ණ සෙන්සර් එකෙන්ම වීඩියෝ ගන්න නම් Video Stabilization ඕෆ් කරලා Tripod එකක් හරි Gimbal එකක් හරි පාවිච්චි කරන්න කියලා ඇප් එකෙන්ම උපදෙස් දෙනවා.

⠀

කලින් Samsung ෆෝන් වල මේ වැඩේ කරන්න Blackmagic Camera වගේ වෙනම Third-party ඇප්ස් දාගන්න වුණානේ. දැන් Samsung එකේ ඔරිජිනල් කැමරා ඇප් එකටම මේක එනවා කියන්නේ වීඩියෝ ක්‍රියේටර්ස්ලට නම් පට්ටම වාසියක්!.. (හැබැයි මේක තාම Beta කෝඩ් එකේ තියෙන ෆීචර් එකක් නිසා, ෆයිනල් අප්ඩේට් එකට එයිද කියලා තව ටිකක් බලන් ඉන්න වෙනවා).

⠀

TECH SONA

Share This Article