ලංකාවෙත් දැන් පට්ටම ට්රෙන්ඩ් එකක් වෙලා තියෙන Google Pixel ෆෝන් පාවිච්චි කරන උන්ට පහුගිය දවස් ටිකේම ඔලුව කැක්කුම හැදෙන ලෙඩක් ඇවිත් තිබුණා. ඇප් දෙක තුනක් පාවිච්චි කරද්දී එකපාරටම ෆෝන් එක ගල් ගැහෙනවා (Freeze වෙනවා), ස්ක්රීන් එක හිරවෙලා වැඩ කරන්නේ නැතුව යනවා.. හැබැයි හොඳම විහිළුව කියන්නේ මේ ලෙඩේ හැදුණේ වෙන කාගෙවත් වරදකින් නෙවෙයි, Google ලා කලින් එවපු අප්ඩේට් එකකින්මයි!..
⠀
මෙන්න Google ලා හත්පොළේ ගාගෙන, දැන් හදිස්සියේම එවපු අලුත්ම අප්ඩේට් එකේ ඇත්තම කතාව :
⠀
1. ලෙඩේ දැම්මෙත් උන්මයි, බෙහෙත් දෙන්නෙත් උන්මයි!
Google ලා මීට කලින් දුන්න Android 17 QPR1 සහ QPR2 Beta 7 කියන අප්ඩේට් වලදී උන්ගේ අතින් ලොකු සොෆ්ට්වෙයාර් වැරැද්දක් (Pixel kernel regression) වෙලා තිබුණා. ඒක නිසා තමයි ෆෝන් එක තත්පර ගාණකට සම්පූර්ණයෙන්ම Freeze වෙලා හිරවෙන්න ගත්තේ. දැන් මේක හදාගන්න බැරුව කොල්ලෝ කෑගහද්දී, සතියක් යන්නත් කලින් හදිස්සියේම Android 17 QPR2 Beta 7.1 (Build: CP41.260831.019) කියන අප්ඩේට් එක Google ලා එළියට දාලා තියෙනවා.
⠀
2. RAM එකට කෙළවෙන Memory Pressure සීන් එක!
මේ ලෙඩේ හරියටම වෙන්නේ උඹ ෆෝන් එකේ ලොකු ගේම් එකක් ගහද්දී හරි, බර ඇප්ස් කීපයක් එකපාර ඕපන් කරගෙන Multitasking කරද්දීයි. එතකොට ෆෝන් එකේ RAM එක පිරිලා ‘Memory Pressure’ කියන තත්වෙට වැටෙනවා. අර කලින් අප්ඩේට් එකේ තිබ්බ අවුල නිසා මේ වෙලාවට ෆෝන් එකට මොළේ කචල් වෙලා, ස්ක්රීන් එක හිරවෙනවා, බැක්ග්රවුන්ඩ් එකේ තියෙන ඇප්ස් ඉබේම ක්ලෝස් වෙලා මුල ඉඳන් Reload වෙනවා, ඒ මදිවට “System UI not responding” කියලා වැටෙන්න ගන්නවා.
⠀
3. මේ අවුල බලපෑවේ මොන Pixel ෆෝන් වලටද?
Pixel 6a එකේ ඉඳන් ඊට පස්සේ ආපු Pixel 7, Pixel 8, Pixel 9, Pixel 10 සහ අලුත්ම Pixel 11 සීරීස් එක වෙනකම් Android 17 Beta දාගෙන හිටපු හැමෝටම මේක බලපෑවා. විශේෂයෙන්ම Pixel 8 පාවිච්චි කරන උන්ට මේ හිරවෙන ලෙඩේ දරුණුවටම ඇවිත් තිබුණා කියලා තමයි රිපෝට් වෙලා තියෙන්නේ.
⠀
4. දැන්ම මේක හදාගන්නේ කොහොමද?
උඹත් Pixel 6a හරි ඊට පස්සේ ආපු ෆෝන් එකක හරි Android 17 QPR2 Beta එක දාගෙන ඉන්නවා නම්, දැන්ම Settings වල System ගිහින්, Software updates හරහා System update චෙක් කරලා බලපන්. අලුත් Beta 7.1 අප්ඩේට් එක ඇවිත් ඇති, ඒක දාගත්ත ගමන් මේ හිරවෙන ලෙඩේ සම්පූර්ණයෙන්ම හරියනවා.
⠀
අලුත් ෆීචර්ස් දෙනවා කියලා අප්ඩේට් එවලා, තියෙන ෆෝන් එකත් හිර කරන එක දැන් Apple, Samsung වගේම Google ලත් පුරුද්දක් කරගෙන වගේ නේද බං?
TECH SONA
