Google සමාගමෙන් එකපාරටම ආපු සුපිරිම Gemini Updates ටික මෙන්න.

Mic
By Mic

AI පාවිච්චි කරන ඔයාට Google සමාගමෙන් මාරම වාසිදායක අලුත් Updates සෙට් එකක් ලෑස්ති කරලා තියෙනවා. මේ වෙනකොටත් Gemini සම්බන්ධ ලොකු වෙනස්කම් කිහිපයක්ම සිද්ධ වෙන්න පටන් අරන් තියෙන්නේ.

පළවෙනිම දේ තමයි Google AI Studio එක දැන් Android ෆෝන්ස් වලටත් එන්න සූදානම් වෙනවා. මේ වෙනකොටත් Play Store එක හරහා මේ App එකට Pre-registration ලබාගන්න ඔයාට පුළුවන්.

ඒ වගේම Android, iOS සහ Web කියන Platform හැම එකකම Gemini UI එක සම්පූර්ණයෙන්ම අලුත් Design එකකට වෙනස් වෙන්නයි යන්නේ. මේ අලුත් Interface එක දැනටමත් සමහර Android ෆෝන්ස් වලට Rollout වෙන්න පටන් අරන් තියෙනවා.

මීට අමතරව Flare සහ Glow කියලා අලුත්ම Gemini Voices දෙකකුත් මේකට එකතු වෙනවා. ඒ වගේම Gemini Omni කියන Multimodal Video Model එක Google Flow පද්ධතියට එකතු කරන්නත් කටයුතු කරලා තියෙනවා.

මේ නිසා අලුත් Flow Agent Experience එකක් ඔයාට ලැබෙනවා. මේ Agent ට පුළුවන් Concept ගැන Brainstorm කරන්න, Image Variations හදන්න වගේම Project Context එක අනුව ප්‍රශ්න වලට Answer කරන්නත්. මේකත් එක්කම Style Tools Customise කරගන්නත් අවස්ථාව ලැබෙනවා.

අවසාන වශයෙන් හැමෝම බලාපොරොත්තුවෙන් ඉන්න Gemini 3.5 Model එකේ අලුත් Variants වගේම ඒවගේ Token Pricing විස්තරත් දැන් පෙනෙන්න පටන් අරන් තියෙනවා.

ඉතින් ආපු මේ Google Updates අතරින් ඔයා වඩාත්ම බලාපොරොත්තු වෙලා ඉන්නේ මොන Features ගැනද? පහළින් කමෙන්ට් කරන්න.

උපුටා ගැනීම : Shalinda Jayasinghe

Share This Article