IT Gallery Computers ආයතනය මඟින් Lenovo’s Yoga Book 9i Dual-Screen Laptop සහ ‘LOQ’ Gaming Laptops ශ්‍රී ලංකාවේ වෙළෙඳපලට හඳුන්වා දෙයි.

Share

2011 වසරේ සිට ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණික මෙවලම් බෙදාහැරීමේ වෙළෙඳපොලේ ප්‍රමුඛතම සන්නාමයක් ලෙස   IT Gallery Computers (Pvt) Ltd විසින් වසර 12කට නොඅඩු දිගු කාල පරාසයක් පුරා සිදු කළ නොසැලෙන කැපවීම සහ මෙහෙවර තවදුරටත් පසක් කරමින් නවතම Lenovo’s Yoga Book 9i Dual-Screen Laptop පරිගණකය සහ ‘LOQ’ Gaming Laptop මාදිලිය මෙරට තාක්ෂණික වෙළෙඳපලට සාඩම්බරයෙන් හඳුන්වාදෙන ලදි. Lenovo සන්නාමය යටතේ ඉදිරිපත් කර ඇති මෙම Laptop පරිගණක එළිදැක්වීම මෙරට තාක්ෂණික ක්ෂේත්‍රය තුළ නව පෙරළියක් ඇති කරනු ඇත.

Yoga Book 9i: Dual-Screen Laptop පරිගණකය සතු සුවිශේෂී ගුණාංගයන් තුළින් මෙතෙක් අත් නොවිඳි අසමසම තාක්ෂණික අත්දැකීමක් ලබා ගැනීමට මෙරට පාරිභෝගිකයාට අවස්ථාව සලසා දී තිබේ. එමෙන්ම  පරිගණක ක්‍රීඩාලෝලීන්ට මෙන්ම තාක්ෂණික වෘත්තිකයින්ට වඩාත් ආකර්ෂණීය රසවින්දනයක් Lenovo ‘LOQ’    Gaming Laptop මාලාවේ අතිනවීන විශේෂාංග සහ ක්‍රියාකාරීත්වය සමඟින් හිමි කර දෙයි.

මෙම අවස්ථාවට සහභාගී වූ  IT Gallery Computers Private Limited හි අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී ඩිලන්ත පෙරේරා මහතා මෙසේ අදහස් දැක්වුවේය.  “අපි දශකයකට වැඩි කාලයක් පුරා තොරතුරු තාක්ෂණික උපාංග බෙදාහැරීමේ ක්‍ෂේත්‍රයේ විශ්වාසවන්ත නාමයක් දිනා ගෙන සිටිනවා.මෙම සුවිශේෂී අවස්ථාව ද ක්ෂේත්‍රය තුළ අප මෙතෙක් කළ කැපවීම පිළිබඳව කදිම සාක්ෂියක්. අපගේ හවුල්කරුවන්ට සහ තාක්ෂණය පිළිබඳව වැඩි උනන්දුවක් දක්වන ශ්‍රී ලාංකික  ජනතාව වෙත Lenovo සන්නාමය සමඟ සම්බන්ධ වීමට අවස්ථාව සකස් කිරීමට ලැබීම පිළිබඳව  අපි ආඩම්බර වෙනවා. එමෙන්ම අසීමිත හැකියාවන්ගෙන් යුත් නව යුගයක ආරම්භය වෙනුවෙන් දායකත්වය සැපයීමට  ලැබීම පිළිබඳව ද අපි බොහෝ සතුටු වෙනවා.”  

Lenovo ආයතනයේ විදේශ ව්‍යාපාර පාරිභෝගික කටයුතු, වාණිජ සහ ටැබ්ලට් පරිගණක, පිළිබඳ   සාමාන්‍යාධිකාරී, නවීන් කෙජ්රිවාල් මහතා මෙම සුවිශේෂි අවස්ථාවේදී මෙසේ සිය අදහස් ප්‍රකාශ කළේය.  “Lenovo සහ IT Gallery Computers ආයතනය අතර පවතින මෙම සහයෝගීතාවය ශ්‍රී ලංකාව වෙත නව්‍ය තාක්‍ෂණය ගෙන ඒම සඳහා බොහෝ ඉවහල් වී තිබෙනවා. අපගේ නවතම නිෂ්පාදන මෙරට වෙළෙඳපලට හඳුන්වාදීමට ලැබීම පිළිබඳව  අපි සතුටු වෙනවා. “

ශ්‍රී  ලාංකික පාරිභෝගිකයන් වෙත ඉහළම තාක්‍ෂණය වඩාත්  ගුණාත්මක අයුරින් ලබා දීම සඳහා Lenovo සන්නාමය දක්වන කැපවීම ව්‍යවසායක මෙන්ම තනි පරිශීලක  තාක්ෂණික අවශ්‍යතා සපුරාලීම සඳහා ද නිර්මාණය කර ඇති පුළුල් පරාසයකට විහිදෙන විවිධ තාක්ෂණික නිෂ්පාදන තුළින් මැනවින්  පිළිබිඹු වේ. මෙරට  බලයලත් Lenovo නිෂ්පාදන බෙදාහරින්නෙකු වන IT Gallery Computers ආයතනය විශ්වාසනීය ලෙස  එම නිෂ්පාදන බෙදාහැරීම සිදු කරයි.

මෙම  අවස්ථාව අතරතුර  මෙරට  ITG Lenovo ව්‍යාපාරයේ අභිවෘද්ධිය වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක් ලබාදෙමින්   IT Gallery Computers  ආයතනයේ සාර්ථකත්වය වෙනුවෙන් කටයුතු කළ හොඳම හවුල්කරුවන් 10  දෙනා අගයමින් සම්මාන පිරිනැමීම ද සිදු වූ අතර එය ආයතනය සහ සිය හවුල්කරුවන් අතර වඩාත් සවිමත් සබඳතාවයක් ගොඩනැංවීම කෙරෙහි ඉවහල් වන තීරණාත්මක මෙන්ම සුවිශේෂී අවස්ථාවක් වනු ඇත.

Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top